spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටේ යුධ හමුදාපති කෙනෙක් නෑ !

Must read

Army-2019.08.19යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය ඊයේ (18) අවසන් විය. 2017 වසරේ ජූලි 19 වනදා යුද හමුදාපතිවරයා ලෙස දිවුරුම් දුන් ඔහු වසර දෙකකට අධික කාලයක් සිය ධුරයේ කටයුතු කලේය.
යුද්ධ හමුදාපතිවරයෙකුගේ නිල කාලය අවසන් වූ පසු ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලතල පවතියි.

යුද්ධ හමුදා ආරංචි මාර්ග අනුව, හමුදාපතිවරයාට එලෙස සේවා දිගුවක් ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැත.
යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක පැවසුවේ, තමන් සේවා දිගුවක් ඉල්ලා සිටින බවට සදහන් වූ ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය වන අතර සේවා දිගුවක් තමන් කිසිවිටෙකත් ඉල්ලා නොසිටින බවයි.
එහෙත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමන් යලි පත් කර ගැනීමට සේනාධිනායකවරයා ඉල්ලා සිටින්නේ නම් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බව හමුදාපතිවරායා සදහන් කළේය.
මොහු යුද්ධ හමුදා විශේෂ බළකායෙන් බිහිවූ පළමු යුද්ධ හමුදාපතිවරයා වීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, යම් හෙයකින් එලෙස සේවා දිගුවක් ලබා නොදෙන්නේ නම් මීළඟට යුද හමුදාපතිවරයා ලෙස පත් වීමට නිලධාරින් කිහිපදෙනෙකු සුදුසුකම් ලබා තිබේ.
ශවේන්ද්‍ර සිල්වා, සත්‍යප්‍රිය ලියනගේ, කුමුදු පෙරේරා හා නිර්මාල් ධර්මරත්න යන මේජර් ජනරාල්වරුන් යුද හමුදාවේ මේ වන විට සිටින සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වේ.

කර්නල්වරුන් 31 ක් බ්‍රිගේඩියර් නිලයට !

මේ අතර යුද හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි.

ජුලි මස 30 වැනි දිනය බලපැවැත්වෙන පරිදි මෙම උසස් වීම් ලැබූ නිලධාරීන් උසස් කර ඇති බවද හමුදාව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article