spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩයනා කුමරිය මියගොස් අදට වසර 20යි..

Must read

ලොවපුරා කාගේත් ආදරය දිනාගත් ඩයනා කුමරිය මියගිහින් අදට වසර 20ක් පිරෙනවා. ඇය කාගේත් ආදරය දිනාගත්තේ වේල්සයේ රජකුමරිය ලෙසයි.

මේ ඇයව සිහිවීම පිණිස ඇගේ ජීවිත කාථාවෙන් කොටසක්..

ඩයනා ගැන කෙටි විස්තරයක්..

Diana-birthday-63449
ඩයනා කුමරිය උපත ලැබූවේ 1961 වසරේ ජුලි මස 1වනදායි. 1981 ජුලි 29 වනදා චාල්ස් කුමරු සමග විවාහ වීමට පෙර ඇයව හදුන්වනු ලැබුවේ ඩයනා ස්පෙන්සර් ලෙසයි. කෙසේ වෙතත් ඩයනා හා චාල්ගේ විවාහයෙන් දරුවන් දෙදෙනෙකු ලැබූ ඩයනා පසුව 1996දී චාල්ස් කුමරුගෙන් දික්කසාද වෙනවා.
පසුව 1997 වසරේ අගෝස්තු 31වනදා මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඇය මියයන විට ජනතාව විසින් ඇය හැදින්වූයේ ජනතාවගේ රජකුමරිය ලෙසටයි. එසේ ඇයව හැදින්වීමට හේතු වූයේ ඇය විසින් ඇයගේ ජීවිත කාලය පුරාවට සිදුකල මානුෂීය ක්‍රියාවන් බවයි හැමදෙනොගේම අදහස වන්නේ.

 

ඩයනාගේ ළමා කාලය.. 

diana-girl-638156
එංගලන්තයේ සරිනඩම් ප්‍රදේශයේදී 1961 ජුලි 1වනදා උපත ලද ඇය,මූලික අධ්‍යාපනය ලබාගත්තේ නිවසේදීමයි.නමුත් පසුව රිඩ්ල්වර්ත් හා වෙස්ට් හීත් යන පාසල් වලින් අධ්‍යපනය ලබනවා. ඇය කුඩා කාලයේදී තරමක් ලැජ්ජාශීලී දරියක් වූවත් සංගීතට හා නර්තනයට ඇය දැඩි ඇල්මක් දක්වනවා. පසුකාලීනව සිය අධ්‍යාපනය ස්විසර්ලන්තයේ Institut Alpin Videmanette හිදී අවසන් කරන ඇය පසුකාලනය ලන්ඩනයට පැමිණෙනවා. කුඩා දරුවන්ට ඇය දක්වන දැඩි ආදරය නිසාම ඇය එහිදී Young England Kindergarten හි සහයකයෙක් වශයෙන් සේවය කරනවා.

ඩයනාගේ විවාහය ..

700

diana-638161
ඩයනා කුඩාකල සිටම එංගලන්ත රජ පවුල අළුත් තැනක් වූයේ නැහැ. එලිසබෙත් රැජිනට අයත් නිවසක කුලියට වාසය කල ඩයනා ඇතුළු පවුලට ඒ නිසාම නිරන්තරයෙන් රජපවුලේ කුමාරවරුන් සමග ගැවසීමේ අවස්ථාව හිමිව තිබුනා.
1977 වසරේදී  ඇය එංගලන්ත රජපවුලේ වැඩමහල් සහෝදරයා හා තමන්ට වඩා වසර 13ක් වැඩිමල් චාල්ස් සමග විවාහ වනවා.

රජකිරුලට ඇති හිමිකාරිත්වය නිසාම මාධ්‍යවල අවධානය නිරන්තරයෙන්ම චාල්ස් කුමරු වෙත හිමිවී තිබුණා. චාල්ස්ගේ හා ඩයනා කුමරියගේ සම්බන් ධයත් නිරතුවම මාධ්‍යවල පුවත් මවන දෙයක් බවට පත්වුනා.ඒ නිසාම 1981 ජුලි 29 වනදා සිදුවූ ඔවුන් දෙනොගේ විවාහය එම සියවසේ විවාහය  ලෙස හදුන්වමින් සජීවීව ලොව පුරා ප්‍රචාරය කිරීමත් සිදුවුණා.

විවාහ ජීවිතය හා දික්කසාද වීම..

Thorpe-park-638179
1982 ජුනි 21 චාල්ස් හා ඩයනා යුවල සිය පළමු දරුවා වන විලියම් ආතර් පිලිප් ලුවිස් තුරුට උපත ලබාදෙනවා.පසුව1984 සැප්තැම්බර් 15  හැරී චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් නැමැති චාල්ස් හා ඩයනා පවුලේ දෙවන සාමාජිකයා ඔවුන්ගේ පවුලට එක්වීම සිදුවෙනවා.
ඩයනා පසුකාලීනව බොහෝ පුන්‍යධාර කටයුතු වලට සිය සහය දැක්වීට ආරම්භ කරනවා.එලෙසම නිවාස අහිමි වූවන්ට මෙන්ම ඒඩ්ස් රෝගයෙන් පීඩා විදින දරුවන්ට හා පුද්ගලයන්ටත් සහයවීට ඇය ඉදිරිපත් වනවා.

කෙසේ හෝ සියවසේ විවාහ මංගල්‍යය ලෙස හැදින්වූ මේ දෙදෙනාගේ  පවුල් ජීවිතය එතරම් සාර්ථක වූයේ නැහැ. ඒ අසාර්ථකත්වයට දෙපාර්ශවයේම හේතු සාධක තිබූ බවයි එරට මාධ්‍යයන් වාර්ථා කලේ.  ඒ නිසාම 1992 වසරේ දෙසැම්බර් මාසයේදී එංගලන්ත අග්‍රාමාත්‍ය ජෝන් මෙජර් මහතා විසින් චාල්ස් හා ඩයනාගේ දික්කසාද වීම ප්‍රකාශයට පත් කරන අතර 1996 වසරේදී එම දික්කසාද වීම ස්ථීර වනවා.

ඩයනාගේ මියයාම..

flowers-638196

චාල්ස් කුමරුගෙන් දික්කසාද වීමෙන් අනතුරවත් ඩයනාගේ ජනප්‍රියත්වය අඩුවීමක් සිදුවූයේ නැහැ.ඇය අයගේ ජීවිතයම ඇයගේ දරුවන් හා පුන්‍ය කටයුතු වෙනුවෙන් වැය කිරීමට තීරණය කලා.  එලෙසම ඇන්ගෝලා හි යුධමය තත්වයෙන් පසු අතහැර දැමූ බිම්බෝම්බ පිලිබදව වන දැනුවත්භාවය වර්ධනය කිරීමට ඇය විසින් සිදුකල කාරයයන් කාගේත් ප්‍රසාදයට ලක්වුණා.

නමුත් පසුකාලීනව ඇය ඊජිප්තු චිත්‍රපට නිෂ්පාදකයෙකු වන ඩොඩී ෆයෙඩ් සමග සබදතාවයක් ආරම්භක අතර ඇගේ ජනප්‍රියත්වය එම සම්බන්දතාවයට මහතා කරදරයක් වුණා. ඔවුන් දෙදෙනා ප්‍රංශයේ කල සංචාරයක් අතරතුරදී පැපරාසින්ගෙන් බේරී පලායාමට උත්සහ කිරීමේදී මෝටර්රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වුනා.ඒ 1997 අගෝස්තු 31 වනදායි. එම අනතුරින් ෆායෙඩ් හා ඔවුන්ගේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතතක්ෂයට පත්වූ අතර ඩයනා රිය අනතුරින් දිවි බේරා ගැනීමට සමත්වූවත් පසුව ඇගේ හිසට සිදුවූ තුවාලයන් නිසා පැය කිහිපයකට පසුව පැරීසියේ රෝහලකදී ජීවිතක්ෂයට පත්වුනා.

ඩයනාගේ මෙම හදිසි වියෝව ලොවපුරා ඇගේ රසිකයන් දුකට පත්ක සිදුවීමක් වුණා. ඇයගේ මරණයෙන් පසු ප්‍රකාශයක් නිකුත් කල එලිසබෙක් මහරැජින ප්‍රකාශ කලේ ඩයනාගේ ජීවිතයෙන් උගතහැකි පාඩම් බොහෝමයක් පවතින බවයි. එලෙසම ඇයට ආදරය කරන ලොවපුරා මිලියන ගණනක් වූ ජනතාවට ඇයව අහිමි වන බවත් ඇය පවැසුවා. සැප්තැම්බර් 6 වනදා ඩයනා කුමරියගේ අවමගුල් පෙරහැර ගමන්ගත් අතර එය සැතපුම් 4ක පමණ දිගින් වූ බවයි වාර්ථා වන්නේ. එලෙසම මිලියන 2.5ක් රූපවාහිනිය හරහා මෙම අවමංගල්‍ය අවස්ථාව නරඹා තිබුනා.

ඇයගේ මරණය හා මතභේද..

මෙම රිය අනතුර සම්බන්ධයෙන් 1999 වසරේදී ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වුයේ රියදුරා විසින් මත්පැන් හා විෂාදයට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන ඖෂධ පානය කර රිය ධාවනය කිරීම හා අධික වේගය නිසා මෙම අනතුර සිදුවූ බවයි.  ඒ නිසාම ඩයනාගේ මරණයට වරදකරුවන් ලෙස නම්කර සිටි පැපරාසි කැමරාකරුවන් නිදහස ලැබුවා. අධිකරණය මගින් ඉදිරිපත්වූ වාර් තාවේ සදහන් වුයේ රියදුරා විසින් මත්පැන් හා විෂාදයට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන ඖෂධ පානය කර රිය ධාවනව පිලිගණු ලුබූවත් ඇතැමුන්ගේ මතය වූයේ මේ මරණය රජපවුලේ සංවිධානාත්මක මිනීමැරුමක් බවයි. නමුත් එම මතය සනාථ කිරීමට අවශ්‍ය වන කරුණු ප්‍රමාණවත් පරිදි ඉදිරිපත් වූයේ නැහැ.

 

diana-main-705254

https://www.biography.com ඇසුරිණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article