spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු වසංගතය වැල්ලවීදිය පුරා පැතිර යයි ! දැනටමත් ඩෙංගු මරණ 2 කක් !

Must read

dengue-mosquitoපසුගිය බදාදා දින මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි සෙන්සියා නමින් හැඳින්වූ ඩෙංගු රෝගියා මියගිය අතර මේ වනවිට එසේ මියගොස් ඇත්තේ 13 වන ඩෙංගු රෝගියාය.
තමන්ගේ දරුවන් පස්දෙනා අතරින් දුවලා දෙදෙනෙකු සිටි බවත් ඉන් මියගිය ගිය දුව ගැන දැඩි වේදනාවකට පත්ව සිටින බවත් ප්‍රකාශ කරන ලදී . එනිසා ඔහුට දුව ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට ශක්තියක් නැති බවත් අප සමඟ පැවසීය .IMG-20191130-WA0026
ඇගේ විවාහයට අවුරුද්දකුත් මාස දෙකකි. ඇගේ සැමියා වන චෙරිප් පැවසුවේ නවලෝක රෝහලේ ඉඩ නැති නිසා අාවේමරියා රෝහලට ගෙනගොස් ප්‍රතිකාර කල අතර ඉන්පසු මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කළ නමුත් ජීවිතය බේරා ගැනීමට නොහැකිවූ බවයි .
ඊයේ ඇගේ අවසන් කටයුතු සිදුකරන ලදී. මාස 4 ක කිරි දරුවෙකු ඩෙංගු රෝගය නිසා මියගියේ පසුගිය සතියේදීය.nimal dayannimal lansa poster 1

මීගමුව දශකයකටත් වැඩි කාලයක් පාලනය කරනු ලැබුවේ වැල්ලවිදිය මුල් කොට ගත් පවුලක් විසිනි.
රාජ්‍ය ඇමති වරයෙකු වන නිමල් ලංසා දැන් පදිංචිව සිටින්නේ දළුපතය. ඔහුගේ පවුලේ සමාජිකයන් පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේය.
එමෙන්ම මිගමුවේ ප්‍රධාන පුරවැසියා වන දයාන් ලංසගේ වත්මන් පදිංචිය කටුවාපිටියයි.
මේ දෙදෙනාගේම නිවාස වලට සහ ඒ අවටට සතියකට දින කිපයක් ධුමානය කටයුතු කර ගන්නා බව ඇසින් දුටු සාක්ෂිත් සමගින් ප්‍රදේශවාසිහු පවසා සිටිති.
රාජ්‍ය ඇමතිවරයොග් දරු පවුලද සුරක්ෂිතය.
මන්ද ඕස්ට්‍රේලියාවේ ඩෙංගු වසංගතය පැතිර නැති නිසාවෙනි.
එහෙත් ඛේදවාචකය වන්නේ ඩෙංගු හේතුවෙන් වැල්ලවිදිය ගමේ මරණ 2 කක් එමෙන්ම රාජ්‍ය ඇමතිවරයා පදංචිව සිටින දළුපතද  මරණ 2 කක්ද මේ වන විට සිදුව තිබිමයි.
අද වැල්ලවීදිය ඩෙංගු රෝගය අතින් අනෙකුත් ප්‍රදේශ පරදා ඉදිරියට පැමිණ ඇත . මෙම දේශපාලකයින් බලයට ගෙන ඒමේදීද සුරලොවක් මැවූ මෙම ජනතාවට අද මැවී ඇත්තේ අපායකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article