spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තද සුළං හා මුහුද රළු වන බවට කාලගුණයෙන් අනතුරු අඟවයි

Must read

තද සුළං හා මුහුද රළු වන බවට කාලගුණයෙන් අනතුරු අඟවයි

( 1.30 pm ) අද(06) දින තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙලෙස පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.මෙම ප්‍රදේශයන්හි පවතින වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකියි.සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර ඉහළ යා හැකියි.මේ අතර එම මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව මුහුදු රළ වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා අංශය අනතුරු ඇඟවයි.

ධීවර හා නාවික ප්‍රජාවන්ට මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ද දැනුම් දෙයි.
(අද දෙරණ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article