spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එංගලන්තයේ සිට දෙවැනි යානයත් කටුනායකට ! සිසුන් ගෙනඒමට සිංගප්පුරුවටත් යානයක් අද පිටත් වෙයි !

Must read

srilankan_airlines1( 11.55 am ) එංගලන්තයේ ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළුව ලාංකිකයන් 194 දෙනෙකු රැගෙන ,දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය 5/06 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ එම විශේෂ ගුවන් යානය 5/06 දින අලුයම 3.05 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා  ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ සිටියහ .
මෙම ගුවන් මගීන් ව්‍යාපාරික පංතියේ 18 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 176 දෙනෙකු ද වශයෙන් ගුවන් යානය තුළ අසුන් ගෙන සිටියහ.
මෙම සිසුන් සියලු දෙනා දුරස්ථභාවය රැකෙන පරිදි මෙම ගුවන් යානය තුළ අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත පිවිසීමට පෙර විෂබීජහරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලක් කෙරුණි .පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථ වලින් මෙම සිසුන් නිරෝධායන කටයුතු සදහා රැගෙන යනු ලැබීය.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

මෙම වසංගත රෝග තත්වය නිසා සිංගප්පූරුව වෙත යාමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ කොටු වී සිටි සිංගප්පූරු ජාතිකයන් 10 දෙනෙකු පමණ  මෙම ගුවන් යානය තුළ සිංගප්පූරුව බලා  ගමන් ගත්හ .
මෙම ගුවන් යානය අද  දින සවස 5.15 ට යළි කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

මුලාශ්‍රය – ලංකාදිප සහ අද

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article