spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තලාදුව පාරේ ටියුෂන් ට්‍රැෆික් එක ගැන රථවාහන පොලිසිය නිහඩ ඇයි ?

Must read

මීගමුව නගරයේ මේවනවිට පාරවල් වල පවතින තදබදය බරපතල ප්‍රශ්ණයකි.කිසිදු වග විභාගයකින් තොරව විවිධ පරිමාණයේ ගොඩනැගිලි , විවිධ අවශ්‍යතා සඳහා ගොඩනැගීම මෙයට ප්‍රධාන හේතුවක් බව පැහැදිළිය. ඒ අනුව වැඩි ජනසමූහයක් එම ස්ථානයන්ට එක්රොක් වන නිසා මෙවැනි ප්‍රශ්ණයක් නිර්මාණය වේ.

අප අසන දකින බොහෝ රිය අනතුරු , මහපාරේ ඇති වන ගැටුම් සහ ගැටළු ආදියට හේතු වන්නේ මෙවැනි තත්වයක් බව නිතර අසන දකින සිදුවීම් මෙන්ම ඒ පිළිබඳව පවතින අත්දැකීම් මගින් පැහැදිළිවේ.

මීගමු නගරයේ ප්‍රධාන ස්ථාන වල විවිධ හේතුමත ඇති වන තදබදය පිළිබඳව මීගමු පොලීසිය නිතර ජනතාව දැනුවත් කළද, ඒවා ක්‍රියාත්මක වන්නේ මන්දගාමීවය.

 

මේ අතර හලාවත – කොළඹ පාරේ සිට ගල්කන්ද හන්දියෙන් හැරී එන පාරේ ස්ථාන කිහිපයක මෙම තදබද ප්‍රශ්ණය මතුවී ඇත .
සමහර ස්ථාන වලදී මේ සඳහා ජනතා විරෝධතා , පෙත්සම් ආදිය මගින් වගකිවයුත්තන්ට කරන දැනුවත් කිරීම් පවතින නමුත් ඒවා සඳහා නිසි විසඳුම් ලබාදීමට වගකිවයුතු අය සමත්වී නැති බව කිවයුතුය .

ඉහතකී ගල්කන්ද හන්දියෙන් හැරී එනපාරේ හමුවන තදබදය පුද්ගලික අධ්‍යාපන ආයතන කිහිපයක් ඉදිරිපිට මේවනවිට නිතර ඇතිවන බව පෙනේ.

අප මේ කතාරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ඊට බාධා කිරීමට නොවන බව පැහැදිළිව කිවයුතුය . නමුත් පොදු ජනතා ප්‍රශ්ණයක් ලෙස ⁣මෙම ප්‍රශ්ණය මතුවී ඇති හෙයින් එ් පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කිරීම වැදගත් බව අපගේ විශ්වාසයයි .

පිටර් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article