spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තවත් ඩෙංගු මරණයක් ! මීගමුවේ ඩෙංගු මරණ ගණන 08 දක්වා ඉහලට

Must read

මිගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් 42 හැවිරිදි ඩෙංගු රෝගි⁣යෙකු ඊයේ දිනයේ මරණයට පත්ව ඇතැයි වාර්තාවේ.
මිගමුව රෝහලේ පවතින අර්බුදකාරි තත්වයට වහා පිළියම් යෙදවිමට නොහැකි වන්නේ නම් ජිවිත වලින් වන්දි ගෙවිමට රෝගින්ට සිදුවන අප කියා සිටියේ මිට මාස දෙකකට කලිනි.
දැන් එය යථාර්ථයක් බවට පත්ව තිබේ.
මිගමුවේ පවතින ඩෙංගු අධිවසංගත තත්වය හමුවේ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි කැපවිමකින් යුතුව සිය සේවාව ලබාදුන්නද දැන් තත්වය ඔවුන්ගේද පාලනයෙන් ගිලිහෙමින් බරපතල ව්‍යසනයක් නිර්මාණය වෙමින් තිබේ.
රෝගින් සදහා ඉඩකඩ නැතිකම හේතුවෙන් ඇතැම් වාට්⁣ටුවල රෝගින්ට කැම ගැනිම සදහා ඇති සිමිත ඉඩෙහි ප⁣වා රෝගින්ට බිම හෝ වැතිර සිටිමට හැකි තත්වයක් නිර්මාණය කර දිමට රෝහල් කාර්ය මණ්ඩලයට අද සිදුව තිබේ.
නව ගොඩනැගිල්ලේප්‍රතිසංස්කරණ කටයුතු නිමකිරිම ප්‍රමාද කරන දිනයක් පසා ජිවිතවලින් වන්දි ගෙවන්නට සිදුවන්නේ   අසරණ රෝගින්ටමය.

dav

ආහාර ගැනිමට තිබුණ කුඩා ඉඩෙත් දැන් රෝගින්

මේ තත්වය කල් ඇතිව දැනගෙන මාධ්‍ය මගින් දිගින් දිගටම මතුකිරිම් කළද ඒවාට දේශපාලන අධිකාරිය ප්‍රතිචාර දැක්විමට පමා විය.
මේ හේතුව නිසා දැනටටමත් ජිවිත 8 කින් ඊට වන්දි ගෙවිමට සිදුව ඇත.dengi1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article