spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ත්‍රස්ත විරෝධී’ පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

Must read

යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව පවසයි.එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ පනත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්මත කර ඇති පුරවැසි අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට හෝ යටපත් කිරීමට කිසිදු නීති සම්පාදනයක් නොකළ යුතු බවද එම සංගමය පවසයි.

එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් එමගින් දුරදිග යන ප්‍රතිඵල ඇතිවිය හැකි බවද අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

කෙටුම්පතට එරෙහිව විවේචන..

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 2023 මාර්තු 17 වැනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද ‘ත්‍රස්ත විරෝධී’ පනත් කෙටුම්පත මේ වන විට පාර්ශව රැසක බරපතල දෝෂදර්ශනයට ලක්ව තිබේ.පසුගිය සති අන්තයේ මහනුවර සංචාරයක නිරතවූ අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරන ලද්දේ මෙම පනත් කෙටුම්පත මෙම මාස (අප්‍රේල්) ඇතුළත පාර්ලිමේන්තුවේදී නීතියක් ලෙස සම්මත කරගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවය.

යෝජිත නීතිය විවේචනයට ලක්කරන්නන් පෙන්වාදෙන්නේ, යම් හෙයකින් අදාළ කෙටුම්පත රටේ නීතියක් බවට පත්වුවහොත්, එය රටේ මානව හිමිකම් රකින්නන්ට, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට, සුළු ජාතිකයන්ට සහ ජනමාධ්‍යවේදීන්ට පවා ඉතා බරපතළ තර්ජනයක් එල්ල කරනු ඇති බවය.

Theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article