spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශා.මරියා විදුහලට දුන්න පිට්ටනිය ලංසා පවුලේ බූදලයක්ද ?

Must read

ලංසාලා පහුගිය කාලේ හැසිරුනේ මිගමුවේ තියෙන මහජන දේපල හරියට එයාලගේ තාත්තා හරි හම්බ කරල ගත්තු දේවල් හැටියට . ඒ හින්ද ඒවා හිතුමතේ එක එකාට භුක්ති විදින්න දුන්න.මිගමුවේ ක්‍රිඩා පිට්ටනි කිපයකට වුනේ මේ දේ තමයි

මිගමුුවේ සෙන්ට් මේරිස් එකට කාමච්චෝඩේ තිබුන පොදු ක්‍රිඩා පිට්ටනිය පවරලා ( බදු දිලා )  තියෙන්නෙත් ඒ විදියට . ඒ පිට්ටනියේ සෙල්ලම් කරපු කාමච්චෝඩේ ඇතුළු අවට තරුණ තරුණයිනට දැන් සෙල්ලම් කරන්නවත් දෙන්න බෑ කියල ඉස්කෝලෙට අලුත් ඇවිත් ඉන්න ප්‍රින්සිපල් ස්වාමි කියනව කියල කාමච්චෝඩේ තරුණ පිරිසක් මිපුරට කථා කරල කිව්ව.

ඒ ඉඩම මහජන දේපලක් . ( බදු ගත්තාම ඒක අයිති කරගන්න බෑ ) ඉස්කෝලේ ස්වාමිටත් දැන් මේක අමතක වෙලා වගේ . ඒ හින්ද වෙන්න ඇති එකේ සෙල්ලම් කරපු කොල්ලන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි කරල තියෙන්නේ .

මිගමුවේ කලු සල්ලි පවුලව වැඩිහරියක්ම ආරක්ෂා කෙරුවේ මිගමුවේ ඇතැම් ආගමික නායකයෝ . අයුක්තියට එරෙහිව පාරට බහින්න කියල දැන් කියන ආගමේ ලොකු ලොක්කොත් මේ වගේ කලු සල්ලි පවුල් වලට විරුද්ධව මීක් නැ. උන්වහන්සේලාගේ මිගමුවේ නියෝජිතයොත් එහෙමයි.

මේ කලු සල්ලි පවුල මිගමුව කාබාසිනියා කරපු එකට එරෙහිව කව්ද ඇත්තටම දැන් සටන් කරන්නේ කියල බලමු. කොහොම උනත් සෙල්ලම් කරන්න තැනක් නැති ලතවෙන කාමච්චෝඩේ තරුණයන්ගේ අයිතිය වෙනුවෙන් මැදිහත් විය වෙන්නේ කව්ද කියලත් බලමු.
අපි බලමු කාමච්චෝඩේ ක්‍රිඩා  පිට්ටනියේ අයිතිය වෙනුවෙන් ඇත්තටම පෙනි සිටින අය කව්ද කියල.
හැබැයි මේක නියමයි .
දැන් මේ සංවාදය ඉස්සරහට ගමු ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article