spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හර්ෂලා ,සංගිත්ලා සහ මිගමුවේ මහජන දේපල ….?

Must read

හර්ෂ ප්‍රනාන්දු කියන්නේ මිගමුවේ ටෙලිෆෝන් පක්ෂයේ ආසන සංවිධායක කාවින්ද ජයවර්ධනගේ ප්‍රධාන ආධාරකරුවෙක්.
සංගිත් කියන්නේ හිටපු එජාප නාගරික මන්ත්‍රිවරයෙක් වගේම මේ වෙන කොට ජාතික ජනබලවේගයේ මීගමුවේ පළාත් පාලන අපේක්ෂකයෙක්.මිගමුවේ මහජන දේපල පවුලේ පුද්ගලික දේපල කියල හිතල එයාල ඉගෙන ගත්තු ඉස්කෝලේ පිට්ටිනි වලට පවරන්න කිසිම අයිතියක් නැ කියල අපි ලියන කොට ඒකට හර්ෂල දාන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ උත්තර

මේ බලන්නකො.

This image has an empty alt attribute; its file name is %E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-.png

 

මිගමුවේ මහජන දේපල ඇතුළු නගරයේ සංවර්ධනය කාබාසිනියා කරල දැම්මෙ ලංසා පවුල කියල විශ්වාස නොකරන කෙනෙක් ඉන්නව නම් ඒ වගේ අය ගැන කවර නම් කතාද ?
කාවින්ද ජයවර්ධන කියන්නේ ලංසා පවුලේ රාත්‍රි මිතුරෙක් කියල අපි එදා ඉදන්ම ලිව්ව . දැන් බලන කොට එයාගේ ගෝල බාලයොත් මිගමුවේ කලු සල්ලි පවුලට විරුද්ධව මික් නැ.මහජන දේපල තමන්ගේ පුද්ගලික බූදල ගානට දාල වැඩකරපු හැටි මිගමුවේ නොදන්න කව්රු හරි ඉන්නවා නම් එයා බබෙක්.

හැබැයි සංගිත් කියන්නේ කෙලින්ම මිගමුවේ කලු සල්ලි පවුලත් එක්ක මිගමුවේ ජනතා අයිතිය වෙනුවෙන් හැප්පුන හෙටත් අනිවාර්යෙන්ම හැප්පෙන මිගමුවේ ඉන්න අංක එකේ දේශපාලකයා. අපි ඒක කියන්නේ අත්දැකිමෙන් .

අපට සා.මරියා විදුහලත් එක්ක හරි ඒකට යන එන ප්‍රින්සිපල් ස්වාමිලත් එක්ක කිසිම ඇරියස් එකක් නැ. හැබැයි ලංසලට මුට්ටි අල්ලපු ස්වාමිලගේ තනතුරු ගලවන්න මිපුර අපිත් මැදිහත්වුනා කියල හර්ෂලටත් දුකයිද මන්ද ? හිටපු ප්‍රින්සිපල් ස්වාමිට වෙච්ච දේ ගැන දුකෙන් ඉන්න තවත් අය ඉන්නව කියල අපි දන්නව .එයාලට අපි හඳ  පෙන්නපුවම  හඳ  නෙමේ බලන්නේ ඇඟිල්ල  දිහා . හැබැයි සමාජයේ හැසිරෙන්නේ ලෝකෙම ගැන දන්න ඔස්තාර් ල වගේ . මෙයාල තමයි කබරයන්ව තලගොයි කරන්නේ .එයාල හැමෝම ගැනත් අපි නොදන්නව නෙමේ

හර්ෂ ඔයා දන්නවද ඔය කාමච්චොඩේ පිට්ටනිය මිගමුව නගර සභාවට අයිති එකක් කියල දන්නවද ? ඒ විතරක් නෙමේ සා.මරියා ආදි ශිෂ්‍ය සංගමයට ගොඩනැගිලි හදන්න දුන්න ඉඩම කාගේද කියල හර්ෂ දන්නවද ?

හර්ෂල කැමතිනම් ජනතාගේ පැත්තේ හිටගන්න. නැත්නම් අපිට කියන්නේ තියෙන්නේ ඔහොම යං කියලත් විතරයි දැනට ..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article