spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දංකොටුවේ වැලි ජාවාරම මඩින්න ප්‍රාදේශිය ලේකම් පෙරට එයි !

Must read

Dump-Truck-Tipper-STQ3164L8Y8S-වැලි කථාව දැන් හැම තැනකමය.ඒ මදිවට මැටි කැපිමද දැන් ජයටමය.මේවා බොහොමයක් පිටුපස සිටින්නේ දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයින්ය.
පසුගිය දිනවල සිදුව තිබුන දිවුලපිටියේ  දැවැන්ත බොරළු කැපිම නවතා දමන්නට හැකිවුයේ නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් කරන්නට යෙදුන තිරාණාත්මක මැදිහත්විම නිසාය.
පුත්තලම් දිස්ත්‍රික්කයද වැලි මැටි සදහා කප්ගසමින් යන තැන් බවට පත්ව තිබේ.
දේශපාලකයන් ගල උඩ කැතකළ බළලුන් ගානටය.
මේ සියල්ල එසේ වෙද්දි  දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුවන  පරිසර විනාශය වැළැක්වීමට සියලුම රාජ්‍ය ආයතනවල එකතුවකින් නියාමන කමිටුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව දන්කොටුව  ප්‍රාදේශීය ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතා පියවර ගෙන ඇත.
මේ පිළිබදව සිය මුහුණු පොතේ පුවත් සටහනක් තබමින් වෙන්නප්පුවේ චන්දන ප්‍රනාන්දු කියා සිටින්නේ …….ප්‍රදේශයේ කර්මාන්තවලට හා නිෂ්පාදන වලට අවශ්‍ය මැටි හා වැලි කැපීමට මුවා වි ජාවාරම්කරුවන් මා ඔය රක්ෂිත භුමිය හා මා ඔයේ ඉවුරු විනාශ කරමින් බලපත් කොන්දේසි උල්ලංඝණය කරමින්   පරිසරය විනාශ කිරිම වැලැක්වීම මෙහි අරමුණ බව ප්‍රාදේශීය ලේකම්වරයා කීයා සිටි බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article