spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දඹුල්ලේ එළවළු තොග මිල පහළට:

Must read

සති තුනකට පසුව එළවළු තොග මිල සියයට හතළිහකින් පහළ යයි දඹුල්ල තොග වෙළෙඳපලට ඊයේ (26 දා) ලැබුණ එළවළු ගණනාවක තොග මිල පහළ ගිය බවත්, තොග ගැණුම්කරුවන්ගේ පැමිණීම පහළ යෑම ඊට බලපෑ බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා පවසා ඇතැයි දිවයින වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දඹුල්ල තොග වෙළෙඳපළට එළවළු කිලෝ ලක්‍ෂ 4 1/2 ක් පමණ ලැබුණ බවත්, තිස්පනේ, නාවලපිටිය ප‍්‍රදේශවලින් මාළු මිරිස් තොග සහ පුත්තලම කලාපයෙන් ලූනු ගස්, අමු මිරිස්, ගෝවා, කට් බීට් තොග නොලැබුණ බව පැවැසීය. මෙම ප‍්‍රදේශවලට පවතින අධික වර්ෂාවෙන් වගාවන් හානියට පත්වීම නිසා එළවළු තොග පහළ යෑමට බලපා තිබෙන බව සභාපතිවරයා පැවැසීය.

පසුගිය දින කීපය තුළ එළවළු ගණනාවක මිල ඉහළ ගිය අතර රුපියල් 330 ක තොග මිල තිබුණ බෝංචි කිලෝවක් ඊයේ 140 දක්වා පහළ ගිය බව පැවැසීය. රුපියල් 220 ට අලෙවි වූ බණ්ඩක්කා කිලෝවක් 110 දක්වාත්, 240 ට අලෙවි වූ වැටකොළු කිලෝව 100 දක්වාත් පහළ ගොස් තිබේ. රුපියල් 130 ත් 160 ත් අතර මිලකට අලෙවි වූ අමු මිරිස් කිලෝව රුපියල් 350 දක්වා ඉහළ ගිය බවත්, රුපියල් 550 ට අලෙවි වූ තක්කාලි කිලෝවක මිල වෙනස් නොවූ බව සභාපතිවරයා පැවැසීය

කැප්පෙටිපොල සහ වැලිමඩ ප‍්‍රදේශවලින් බෝංචි තොග දඹුල්ලට ලැබීම හේතුවෙන් එහි මිල පහළ ගොස් තිබේ.

පහතරට එළවළු ගණනාවකද මිල පහළ ගිය අතර ගෝවා, කැකිරි, පිපිඤ්ඤාවල මිල වෙනස් නොවූ බවද පැවසීය. කෙසේ වෙතත් වෙළෙඳපළට එළවළු තොග සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාස තුනක් පමණ ගතවනු ඇති බවද සභාපති ඒකනායක මහතා පැවැසීය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article