spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දරුවන්ට මත්පෙති අලෙවි කළ සීදුවේ ෆාමසියක හිමිකරු අත්අඩංගුවට

Must read

සීදුව, කටුනායක ඇතුළු ප්‍රදේශ කීපියක පාසල් දරුවන් සඳහා මත්පෙති අලෙවි කළ සීදුවේ පිහිටි ඖෂධසලක් වැටලූ කටුනායක පොලිසිය මත්පෙති 1600ක් ඊයේ (01 දා) අත්අඩංගුවට ගෙන ඇතැයි දිවයින පුවත්පත වාර්තා කර තිබුණි

පාසල් දරුවන්ට මත්පෙති අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම මත්පෙති බෙදාහැරිය ප්‍රධාන පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි වී ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

පසුව කටුනායක පොලිසිය එම මත්පෙති බෙදාහැරිය ප්‍රධානියා ද අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්පෙති තොගපිටින් පාසල් දරුවන්ට අලෙවිකරන ඖෂධසල පිළිබඳව හෙළිවී ඇත. ඒ අනුව සහකාර පොලිස් අධිකාරි ගාමිණී රත්නායකගේ  අධීක්ෂණය යටතේ කටුනායක පොලිස් ස්ථානාධිපති අජිත් නිශ්ශංක ඇතුළු නිලධාරීන් විසින් එම ඖෂධසල ඊයේ වටලනු ලැබූ අතර එම ඖෂධසලට සීල් තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය වෛi නිලධාරීන් කටයුතු කර තිබේ.

සීදුව විජය කුමාරතුංග රෝහල ඉදිරිපිට පාමසියක් පවත්වාගෙනන යන මෙම පුද්ගලයා   මිට පෙරද අවස්ථා කිපකදිම මත්පෙති ජාවාරම කරගෙන යාම  අදාල අත්අඩංගුවට ගෙන තිබේ. එපමණක් නොව යටියන්තොට ප්‍රදේශයේ පාමසි  කිපයක් පාන්දර යාමයේ කඩා බෙහෙත් සොරකම් කිරිම සම්බන්ධයෙන්ද අසුවි තිබේ.

මෙවන් කුප්‍රකට ජාවාරම්කරුවෙකුට පාමසිය කර්මාන්තයේ තවදුරටත් නියැලිමට ඉඩ දෙන්නේ නම් එය අති බිහිසුනු  තත්වයකි.
මේ ගැන අදාල බලධාරින් වහා මැදිහත්වි මෙම හොර ජාවාරම්කාරයන් මෙම කර්මාන්තයෙන් සදහටම ඉවත් කර ඔසුසල් කර්මාන්තය රැකගත යුතුව තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article