spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දවස් ගාණක් , පාන් – බනිස් නොකා ඉදපු අපිට ගේ ලගටම බනිස් ගෙනා කැල්ටන් ආයතනයට තුති !

Must read

මිපුර වෙබ් අඩවියේ දුරකථනයට රාත්‍රී 10.16 ට පමණ දුරකථන ඇමතුමක් ලබාදුන් අක්කර පනහා ප්‍රෙද්ශයේ පාඨකයෙකු පවසා සිටියේ ‘අපිට දැන් පොඩ්ඩකට ඉස්සර වෙලා කැල්ටන් ආයතනයේ ලොරියක් ඇවිත් පාන් බනිස් ඇතුළු ආහාර වර්ග බෙදා ලබාදුන්නා.” ඒ ගැන ස්තූතිය පළ කිරීම වෙනුවෙන් යමක් සටහන් කරන ලෙසයි.
මේ දැන් 9.30 ට පමණ තමා ඒ වාහනේ ආවේ , අපි අපිට අවශ්‍ය දේවල් ගත්තා යැයි ඔහු පවසන ලදී.   කැල්ටන් ආයතන මේ මොහොතේ සිදුකළ දේ ඉතාමත් අගේ කළ යුතු බවත් ඒ පිළිබදව ඉතාමත් සතුටු වන බවත්  තවදුරටත් ඔහු පවසන ලදී. 34463163_10212233353937107_7849749458739789824_o


සැ-යු – ඊයේ දිනයේදී අප සමග අදහස් බෙදාගත් සමස්ත ලංකා බහුදින යාත්‍රාහිමියන්ගේ සංගමයේ ලේකම්වරයා පවසා සිටියේ ඔවුන් දැනට සති දෙකකට පමණ ඉහතදී මුහුදෙන් ගෙනා මාලු  දේශීය වෙළදපළට නිකුත් කිරීමට නොහැකිව ඔවුන් විශාල පාඩුවක් ලබමින් සිටින බවයි. එම මාලු අස්වැන්න ධිවර අමාත්‍යාංශයට හැකිනම් මිළදී ගෙන ජනතාවට කඩිනමින් ලබාදෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය. මේ මොහොතේ රජය කළ යුත්තේ නිෂ්පාදකයන්වත් – පාරිභෝගිකයින්වත්  සම්බන්ධ කරන කඩිනම් වැඩපිළිවෙලක් සදහා මුලපිරීමයි. එහිදී පුද්ගලික අංශය මේ තරමට හෝ ඉක්මන්විම අගය කළ යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article