spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දළුපත විදුහලේ අබලන්ව තිබුනු තාප්පය බිඳ වැටේ.

Must read

IMG-20190912-WA0033IMG-20190912-WA0036(1.30pm )මීගමුව , දළුපත විද්‍යාලයේ අබලන්ව අවධානමට ලක්ව තිබූ තාප්පය ඊයේ රාත්‍රියේදී බිඳවැටී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ දවල් වරුවක මෙය සිදුවූයේ නම් අනතුරක් වීමට ඉඩකඩක් තිබුනු බවයි . IMG-20190912-WA0034මෙම තාප්පය සහ එහි අවධානම් තත්වය ගැන අපගේ වෙබ් අඩවියේ ජූලි 13 දින ලිපියක් පළකරන ලදී . ඒ අනුව විදුහල්පති W .A .M . ප්‍රනාන්දු මහතා ප්‍රකාශකළේ තමන් මේ සඳහා කලාප අධ්‍යාපන කාර්‍යාලයට, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට , ඉංජිනේරු කාර්‍යාලයට ගොස් සාකච්ඡා කරමින් විශාල කැපකිරීමක් කළ බවයි . එහි ප්‍රතිඵලයක් ලෙස ගම්පෙරළිය වැඩසටහන තුළින් රු. ලක්ෂයක් අනුමත වී ඇත . නමුත් ඉංජිනේරු කර්‍යාලය මේ සඳහා ලක්ෂ 5ක් යන බවට ඇස්තමේන්තු කර ඇත . ප්‍රතිපාදන ප්‍රශ්ණය පෙරට පැමිණි හෙයින් මෙම කටයුත්ත කළ නොහැකි විය .
තාප්පය පෙරළුණු පසුව මෙහි ඇති උඩුපසේ පොල් ගසක් සහ තවත් විශාල ගස් දෙකක් මතුවී ඇත .මෙහි මුල් වලින් වැඩි කොටසක් මතුපිට පවතින හෙයින් ⁣මීලඟ අවධානම මෙම ගස් නිසා බව ප්‍රදේශවාසීන් පවසති .
දේශපාලකයින්ට ජනතාවගේ අවශ්‍යතාවන් නොවන දේවල් සඳහා ඕනෑතරම් මුදල් ඇත. මෙම තාප්පය වුවද හදා ඒ වෙනුවෙන් තමන්ගේ නම යොදා ,මහ උත්සවයක් පැවැත්වූවා නම් ඒ සඳහා ඕනෑම මුදල් ප්‍රමාණයක් වැය කිරීමට මොවුන් පසුබට නොවනු ඇත. කෙසේ නමුත් මෙම තාප්පය විසින් ප්‍රකාශ වන්නේ බලධාරීන්ගේ සහ දේශපාලකයින්ගේ නොහැකියාව බව ප්‍රදේශවාසීන් පවසති .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article