spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දළුපත විදුහලේ තාප්පය අවදානම් !

Must read

IMG-20190713-WA0026

මීගමුව  දළුපත   මහ  විද්‍යාලයේ   ආරක්ෂාව  සඳහා  ඇති  තාප්පය    මේ  වනවිට  අබලන්ව  කඩාවැටීමට  ආසන්නව  පවතී.  කාලයක්  තිස්සේ   පිපිරුම්  සහිතව  තිබුනු  මෙම  තාප්පය    ස්ථාන  දෙකකින්  මුළුමනින්ම  දෙකඩවී  ඇත. මේ පිළිබඳව     මෙම  විදුහලේ    විදුහල්පති  තුමා වන  W  A  M  ප්‍රනාන්දු   මහතා  ප්‍රකාශකළේ  සෑහෙන  කාලයක්   ඔහු  මෙම  තාප්පය  වෙනුවෙන්  රජයේ  ආයතන  සමඟ  ලිපි ගනුදෙනු  කරමින්  කටයුතු  කළ  බවයි.  නමුත්  තවමත්  අදාල  පරිදි  තාප්පයේ  කටයුතු   අවසන්  කර  ගැනීමට  තමන්ට  සිදුවූ  බවයි.    මෙම  තාප්පය  සමඟම   අවධානම්ව  සහගතව    තිබූනු   ගසක්  කපා  ඉවත්කර  ගැනීමටද    විශාල  කැපකිරීමක්  කිරීමට  සිදුවූ  බව  විදුහල්පති  තුමා  අප  සමඟ  පැවසීය

තාප්පයේ    පිළිසකර  කිරීම්  පිළිබඳව  සඳහන්  කරන  විදුහල්පති  තුමා  ප්‍රකාශකළේ  කලාප  අධ්‍යක්ෂක  කාර්්‍යාලය,  ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලය,  ඉංජිනේරු  කාර්්‍යාලය  සමඟ  කළ  සාකච්ඡාවලට  අනුව  ගම්පෙරලිය  යටතේ  ලක්ෂයක  මුදලක්  මේ සඳහා  අනුමතවී  ඇති බවයි.  නමුත්  මේ  සඳහා  ලක්ෂ  5ක  මුදලක්  අවශ්‍ය  බව  ඉංජිනේරු  කාර්්‍යාලය  විසින්  ඇස්තමේන්තු  ගතකර  ඇත.  මේ  ආදී වශයෙන්  ප්‍රතිපාදන  ප්‍රශ්ණයක්  නිසා    තවමත්  මෙහි  කටයුතු   ක්‍රියාත්මක  වී  නොමැත.  කෙසේ  නමුත්  තාප්පයේ   අබලන්වීම  මත  අවධානමක්  ඇත.  මන්ද  මෙම  තාප්පය  අසල  සමහර  අවස්ථාවල  වාහන  පවා  නවතා  තබායන  ආකරය  දැක ගතහැකි  බැවිනි.  අනවශ්‍ය  දේවල්වලට  විශාල  ලෙස  මුදල්  වියදම්  කරන  නමුත්  මෙම  අත්‍යාවශ්‍ය  කාරණයක්  සඳහා  රජයේ  ආයතනවලට  පිංසෙංඩුවීමට    විදුහල්පතිතුමාට  සිදුවී  ඇත.  එය  අභාග්‍ය  සම්පන්න  තත්වයකි.  ඒ නිසා  අප  බලධාරීන්ගෙන්  ඉල්ලා  සිටින්නේ   මෙම  අවධානම්  සහගත  තාප්පය  ඉතා  ඉක්මනින්   පිළිසකර  කර ගැනීම  සඳහා  කටයුතු   සකසා  දෙනමෙන්ය.IMG-20190713-WA0028IMG-20190713-WA0027

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article