දියේ ගිලුණ තරුණයාගේ මළ සිරුර වැල්ලවීදියට ගොඩගසයි !

0
127

DSC_0672බදුල්ලේ සිට විනෝද චාරිකාවට  කට පැමිණ සිටි පිරිසකගෙන් තිදෙනෙකු ඊයේ සවස් වරුවේ වෙරළ උද්‍යානය අසල මුහුදේදි දියේ ගිලිනු අතර ඉන් දෙදෙනෙකු බේරා ගෙන තිබුණි.
වයස 22 ක් පමණ වන තරුණයෙකු බේරාගැනිමට නොහැකිව තිබුනේ මුහුද  රළුව තිබිම නිසා මෙන්ම අදාල ස්ථානයේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ඒ අවස්ථාවේ සිට ඇත්තේ ඒක් ජිවිතාරක්ෂක කිමිදුම්කරුවෙක් පමණි.
සියල්ලෝ බලා සිටියදි ඉතා අවාසනාවන්ත ලෙස මේ තරුණයා මුහුදු රළ අතරේ සැගව ගොස් තිබුණි.
ඒ තරුණයාගේ මළ සිරුර මිට සුළු මොහොතකට පෙර වැල්ලවිදිය රේන්බෝ හෝටලය අසල වෙරළ තිරයට ගොඩ ගසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here