spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දුගඳ පමණක් ඉතිරිකර කරවල නඩුව කල්යයි

Must read

lagoon-4

කරවල  වාඩිවල  අපද්‍රව්‍ය   කලපුවට  මුදාහැරීම  පිළිබඳව   මතුව  ඇති  පාරිසරික  ප්‍රශ්ණය  මත  කරවල  වාඩිකරුවන්ට  එරෙහිව  පිටිපන  ප්‍රදේශවාසීන්  විසින්  ඉදිරිපත්කළ   කරුණු  මත  පවරා  ඇති  නඩු   අද (04)  මීගමුව  අධිකරණයේදී   විභාගයට  ගන්නා ලදී.

මෙහිදී  කරවල  මුදලාලිලා  වෙනුවෙන්  පෙනීසිටි  නීතිඥ  මහතා  ප්‍රකාශකළේ   ප්‍රදේශවාසීන්ගෙන්  කරවල  වාඩිකරුවන්ට  තර්ජන  එල්ලවූ  බවකි. 2019/  05/  06 වන  දින  20 . 58 ට  පමණ  වාඩිය  තුළට  ගම්වාසීන්   පැමිණ මෙම  තර්ජනය  කළ  බව  ඔහු  ප්‍රකාශ කරන  ලදී. මෙය  සනාථකිරීමට  එම  අවස්ථාවේදී    ගන්නාලද  පින්තූරද  ඉදිරිපත්  කරන  ලදී. මේ  සඳහා  ප්‍රතිඋත්තර  දීමට   ඔවුන්ගේ   පාර්ශවයෙන්  අදාල  නීතීඥ  මහතා  පැමිණ නොසිටි  බැවින්  ,  ඒ පිළිබඳව   සත්‍ය  මතුකර  ගැනීමට  නොහැකි විය.   ප්‍රදේශවාසීන්   අප  සමඟ   ප්‍රකාශකළේ  මෙම  වාඩිවල  ක්‍රියාත්මක  අපද්‍රව්‍ය   දැමීමට  අදාලව  පොලීසියට  පසුගිය  දිනෙක  පැමිණිළි  කළ  බවත්,  එහිදී  පොලීසිය  සමඟ  ඔවුන්ගේ  වාඩි  ඇතුලට  තමන්  කැඳවා ගෙන  ගොස්   ගත්  පින්තූර  මෙසේ   උසාවියට  ඉදිරිපත්  කළ  බවයි.  නීතීඥ මහතා  කරුණු  දක්වමින්  කියා සිටියේ   කරවල  වාඩි වල  දැන්  පරිසරය  රැකෙන  අයුරින්  කටයුතු  සිදුවන  බවයි.

මේ  පිළිබදව  මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ගෙන්  විනිසුරු  තුමිය   ප්‍රශ්ණ  කලවිට  ඔවුන්  ප්‍රකාශකලේ  පාරිසරික  වශයෙන්  සියළු  දෑ  නිරාකරණය වී  ඇති බවත්,  දැන්  පවතින්නේ  ගඳ  පමණක්  බවත්ය.  නමුත්  ගම්වාසීන්  පසුව  පැහැදිළිව   ප්‍රකාශකළේ  මෙය  අමූලික  බොරුවක්  බවයි.  මේවනවිට  තමන්ගේ  කුඩා  දරුවන්  කිහිප  දෙනෙක්ම    අසනීපවී  රෝහල්  ගතකර  ඇති  බවත්,  සියළු  නිලධාරීන්  මේ  සම්බන්ධයෙන්    පක්ෂග්‍රාහීව  කටයුතු  කරන  අතර   කරවල    වේලීමේදී   යොදාගන්නා  මාළු ඔළු,  කටු,  බොකු, ආදී  සියල්ල  සුපුරුදු  ලෙස  කලපුවට  මුදාහැරීම    තවමත්  කරගෙන  යන  බවත්ය.  මේ  සියළු  දෑ  පිළිබඳව  අදාල  වගකිව යුත්තන්   වන  මීපා  ආයතනය,  මධ්‍යම පරිසර  අධිකාරිය,  ධීවර  කාර්යාලය,  මහජන  සෞඛ්‍ය  පරීක්ෂකවරු  ආදී  සියළු  දෙනා   තමන්ව  මුලාකරමින්  කටයුතු  කරන  බවත්  ප්‍රදේශවාසීන්  පවසයි.

මේ  අනුව   අද  නඩු වාරයේදී    ගම්වාසීන්  දැඩි  කළකිරීමකට  පත්ව  සිටි බවක්  පෙනින.  මෙහිදී   සත්‍ය  යටපත්වී  අසත්‍ය    මතුකර  ගැනීමට   කරවල  මුදලාලිලා  විවිධ  උපක්‍රම  යොදාගන්නා බව   ගම්වාසීන්  පවසයි.   මීලඟ    නඩු  දිනය    නොවැම්බර්   28     ලෙස    ප්‍රකාශයට  පත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article