spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දුප්පතුන්ට දෙන රු 5000 සහනයට මීගමුවේ නාගරික මන්ත්‍රිලාගේ සීල් ගහලා අයදුම් පත් බෙදනවලු ?

Must read

ෆරිස්nimal dayan Faris(3.00 pm ) කොරෝනා වෛරස හේතුවෙන් පිඩාවට පත්ව සිටින ජනයාව තවත් අපහසුවට පත්කරමින් මේ වන විට පොහොට්ටු දේශපාලකයන් ඉතාමත් නිහින පහත් ක්‍රියාවක නියැලි සිටිති.
මිගමුව තුල මේ තත්වය ඉතාමත් ලැජ්ජාසහත දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත්ව ඇත.
මේ විපත්තිදායක අවස්ථාවේදි වඩාත් පිඩාවට පත්ව සිටින ජනයා හට රු 5000 ක ලැබිය යුතු බවට වු ලේඛණ ග්‍රාම නිළධාරින් විසින් දැනටමත් අදාල බලධාරින් වෙත යවා තිබියදි ආණ්ඩුව  මැතිවරණ  දේශපාලන ව්‍යාපෘතියක් බවට මේ රු 5000 පත්කරගනිමින් පළාත් පාලන නියෝජිතයන් මගින් යළිත් වරක් අයදුම් පත්බෙදිමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය.
ඇත්ත වශයෙන් රට තුල ඇදිරි නිතිය ක්‍රියාත්මක කොට මසකට ආසන්න කාලයක් වෙමින් තිබියදි රැකියාවන් අහිමිව ගොස් ඇති ජනයාට හැකි ඉක්මනින් ජිවත්විමට ආධාරයක් ලබාදිම මුලික කටයුත්තව තිබියදි ඒ සදහා ග්‍රාම නිළධාරින් විසින් අදාල කටයුතු සියල්ල නිමාව තිබියදි ඉතිරිව තිබුනේ ඒ ගෙවිම් ප්‍රාදේශිය ලේකම් හරහා ගෙවිමට කටයුතු සම්පාදනය කිරිමටය.තතු එසේව තිබියදි මේ පොහොට්ටු පාලකයෝ දුප්පතාගේ බඩට පයින් ගසමින් මේ සහනාධාරය මැතිවරණ තුරුම්පුවක් කරගන්නට මාන බැලිය.
මේ අයදුම්පත් පතට අනුව ග්‍රාම නිළධාරිවරයා විසින් එය අනුමත කළ යුතුව තිබේ. පවතින තත්වය හමුවේ  ග්‍රාම නිළධාරින් එකි අයදුම් පත් අත්සන් කිරිම ප්‍රතික්ෂේප කළහොත් සිදුවන්නේ කුමක්ද ?
තතු මෙසේව තිබිදි මිගමුව මහනගර සභාව තුල ඊයේ රාත්‍රියේ මෙවැනි අයදුම් පත් 10000 පමණ් මුද්‍රණය කොට නගර සභා වාහන වලින්ම පොහොට්ටු නාගරික මන්ත්‍රිවරුන්ට පමණක් නොව නගරාධිපතිගේ දේශපාලන හෙංචයියන් වෙතද ලබා දි තිබේ. දළුපත ප්‍රදේශයේ මේ එක් හෙංචයියෙකු අද පාන්දර 6 ට පමණ මේවා බෙදන්නට පටන් ගෙන තිබේ.
එපමණක් නොව මිගමුව නියෝජ්‍ය නගාරාධිති ෆරිස් නැමැත්තා සිය මුද්‍රාවද තබා මේ අයදුම් පත්‍ර බෙදන බවත් ග්‍රාම නිළධාරිධාරින් විසින් ලබාගත් අයදුම් පත්‍ර අවලංගු බවත් දැන් අයදුම් පත් ඇවැසි නම් තමාගේ නිවසට පැමිණිය යුතු යැයි කියමින් ප්‍රචාරක වැඩකද නියැලි සිටින බව සැලය.
මිගමුව පවතින්නේ අවදානම් කලාපයකට අයත් දිස්ත්‍රික්කයක් තුලය.එසේ තිබියදි යළිත් වරක් නාගරික මන්ත්‍රිලා මෙන්ම ලංසා පවුලේ හෙංචයියන් දැන් මුලු ගමේම තමන්ගේ පාක්ෂිකයන්ගේ නිවෙස් වලට යමින් මැතිවරණ ප්‍රචාරණ වැඩක නියැලි සිටිති.
රාජ්‍ය මුදල් අදාල ජනතාව වෙත ලබාදිමේ වගකිම ලංසා පවුලේ කිසිවෙකු සතු නොවන අතර මිගමුවේදි එය කරනු ලබන්නේ ප්‍රදේශිය ලේකම් විසිනි.ඒ අනුව මිගමුවේ පරිපාලන අධිකාරියේ ප්‍රධානියා ලෙසින් නුසුදුසු අය වෙත දිමට දේශපාලන අධිකාරිය විසින් ඒවා ඇති අයදුම් පත්‍ර සම්බන්ධයෙන් නිවරදි තින්දුවක් ගනු ඇතැයි අප බලා සිටිමි.
නිදසුනක් ලෙසින් මිට සුළුවේලාවකට පෙර අපට මංකුලිය ප්‍රදේශයෙන් වාර්තා වුයේ සැමියා ඉතාලි ගොස් සිටින නිවසේ මෝටර් රථයක්ද තිබෙන කාන්තාවක් හටද අදාල ප්‍රදේශයේ පොහොට්ටු නාගරික මන්ත්‍රි විසින් මේ අයදුම්පත් ලබාදි පුරාවාගෙන ඇති බවය.
අපට කියන්නට ඇත්තේ ලැජ්ජයි කියා පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article