spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දුමායන කටයුතු නිසිලෙස ඉටුනොකළ කොමසාරිස් පාලනය කුරණ දරුවාගේ මරණයට වගකිව යුතුයි ?

Must read

tmp_24359-image-0-02-06-4ccea878c021c8674ec81b7325dbff50e975fc2fa37cc80b60112ac172c0133c-V-728971930මීගමුව කුරණ ප්‍රදේශයේ වේගයෙන් වර්ධනය වෙමින් පැවති ඩෙංගු වංසගත තත්වය දැන් දරුවෙකුගේද ජිවිතයක් බිලිගෙන හමාරය.
14 වියැති ගවේෂ දරිජු සසෙක්ස් පාසැලේ ඉගෙනුම ලබමින් සිටියේය.මීගමුවේ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රකට ග්‍රාම නිළාධාරි දරිජු මහතාගේ සොහොයුරාගේ වැඩිමහල් පුතාය.
මේ දරුවාගේ අවසන් කටයුතු අද සවස සිදුකිරිමට නියමිතව තිබේ…….
ජුනි මාසය තුල පමණක් දැනට ඩෙංගු රෝගින් 40 දෙනෙකු පමණ වාර්ථා වි තිබේ.
මේ එකදු නිවසක් අවට ට නිසි ලෙසින් දුමායන කටයුතු සිදුවි නොමැති බවට ප්‍රදේශවාසින් විසින් මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයද ඇතුළුව කොමසාරිස්  පාලනය වෙතට චෝදනා එල්ල කොට තිබේ.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගින් සිටි යැයි හදුනාගත් ස්ථාන වලට දුමායන කටයුතු සිදුකර තිබෙන්නේ දින 6 ක්ද ඉක්ම වු පසුව බවය.
මෙය මරාන්තික තත්වයකි.
ඒ සියළු ඩෙංගු රෝගින් ට විදින මදුරුවා දින 6 තිස්සේ නිදහසේ තවත් කිදෙනෙකුට ඩෙංගු බෝ කරන්නේ දැයි සිතා ගැනිම මීගමුවේ බදුගෙවන ජනයා හට පැවරේ.
මීගමුව දැන් පත්ව සිටින්නේ ඩෙංගු වසංගත තත්වයකටය. එවන් බරපතල  මරාන්තික තත්වයකදි එයට ගැලපෙන ලෙසින් ප්‍රතිපාදන මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රශ්ණද විසදාගෙන සැලැසුම් ගත වැඩපිළිවෙලක් සැකසිමේ වගකිම නාගාරික කොමසාරිස් පාලනය වෙත පැවරි තිබේ.
එහෙත් මතුව ඇති තත්වයට මුහුණ දිමට තරම් එය කඩිනම් විසදුම් නිර්මාණය කරන දිසාවට ගමන් කරන ආකාරයක් නම් නොපෙනේ .
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙහෙසවි මේ තත්වය පාලනය කිරිමට උත්සාහ ගන්නා බව අප දකිමු. එය අගයමු.එහෙත් මේ සියළු උත්සාහයන් ගමන් කරන්නේ නිවරදිම දිශාවටද ?
කිසිවක් කිසිවිටකත් පමාකරන්නට බැරිය.අත්හදා බැලිම් කරන්නටද කාලයක් දැන් නැත.
මන්ද එවිට ඒ වන්දිය ගෙවන්නට වන්නේ ජිවිතයකින් වන බැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article