spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දූව ගමේ ,පාස්කු සමයේ ආරම්භය සනිටුහන් කරන ගුරු ,බිත්තර ප්‍රහාරය…

Must read

ලංකාවේ පාස්කු සම්ප්‍රදායන් සම්බන්ධයෙන් මීගමුව දූව ග්‍රාමයට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි.
පාස්කුවට අදාලව වු වාරිත්‍ර විවිධ සම්ප්‍රදයන් තවමත් එහි ක්‍රියාත්මකය.
කිතුණුවන්ගේ චතාරික සමය ඇරඹෙන්නේ අළු බදාදි දිනයෙනි.
දූව ග්‍රාමයේ මේ චාරිත්‍රය සෑම වසරකදිම ක්‍රියාත්මක වන්නේ අළු බදදාට පෙර දිනයේ යෙදෙන අගහරුවාදාය.
දූවේ එදා පටන් ම පැවැති සම්ප්‍රදාය වි  තිබුනේ බිත්තර ගැසිමය.දැන් එයට තවත් දැ එක්ව තිබේ.
පාට වතුරද එහි එක් අංගයක් වැනිය.
මුල් කාලයේ මෙය ක්‍රියාත්මකව පැවැතියේ කුණු බිත්තර ප්‍රහාර එල්ල කිරිමය.
මෙහි මුල් අදහස ගැන දුවේ ගම්වැසියෙකු පවසා සිටියේ අළුත් ගිවිසුමට අනුව ගුරු වලින් කුරුසියක් එකල නිවෙස් වල ඇද තිබිම සංකේතවත් කරුණු වස් මෙසේ ගුරු අගහරුවාදා දිනය සමරනු ලබන බවය.
කෙසේ වෙතත් පසුගිය වසරේ දි මෙම චාරිත්‍රයට තරමක් බාධාවන්ද එක්ව තිබුණ බව වාර්තා විය
එනම් පොලිස් නිළධාරින් පැමිණ මෙසේ ගුරු සහ බිත්තර එල්ලකරන එක වලකා ලිම සදහා යම් මැදිහත්විමක් සිදුකර තිබිම නිසාය
කෙසේ වෙතත් දුවේ ගමේ පමණක් නොව පසුගිය වසර වලදි පිටිපන ලෙල්ලමේද ඇතමෙක් සිය මාළු වෙළදාම් රැකියාවල නිරතව සිටියේ හෙල්මට් පැළද විමද විශේෂත්වයකි.
එනම් ඒ බිත්තර ප්‍රහාර වලින් වැලකි සිටිමටය.
මේ අතර මිගමුවට සම්බන්ධ ධිවරයන් සිටින වෙනත් පළාත්වල ධිවර ගම්මානවලද මේ චාරිත්‍රය අදට යෙදෙන ගුරු අගහරුවාදා දිනය තුල ක්‍රියාත්මකය.
මිපුර සම්බන්ධ සින්නපාඩුවේ ධිවරයන් කියා සිටියේ ගුරු අඟහරුවාදා චාරිත්‍රය එහිද ක්‍රියාත්මක බවය
අද ( 16) උදෑසන සිටිම මිගමුව දූව ග්‍රාමයය තුල ගුරු අඟහරුවාදා සමරමින් ගුරු,බිත්තර ප්‍රහාර ක්‍රියාත්මක බවද වාර්තා වේ


(මිට පෙරවසරවලදි ගන්නා ලද ඡායාරුප එකතුවක් මෙහි පළව ඇත.)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article