spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දෙසැ 02 දක්වා මුහුදු ගමන් අවදානම් …..

Must read

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ උතුරු, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශවල අනිද්දා (2) පස්වරු 4.00 දක්වා ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

මෙම මුහුදු ප්‍රදේශවල දැනට ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණිය යුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ දැක්වේ.

දකුණු තායිලන්ත මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය අනිද්දා (2) දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ගිණිකොණ සහ මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගත විය හැකි බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ලබන 4 වැනිදා වනවිට ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ඇතුළු වනු ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ලංකාදිප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article