spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේවානි මතුකරන ඇත්ත ප්‍රශ්ණයට කන්දෙමු ! මිගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් හැදිමට පෙළගැසෙමු !

Must read

දේවානිදේවානි විසින් මතුකරනු ලබන ඇත්ත ප්‍රශ්ණය අප කිසිසේත්ම මගහැර යා නොයුතුය.ඇගේ කතාවේදි මම නගරාධිපතිතුමාටත් කියල තියෙනව යනුවෙන්  කිප විටක් අවධාරණය කරන්නේ මිගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් අවැසි යැයි කියන කරුණයි.
එහෙත් අවසානාවකට අද ඇත්තේ පවුලක් විසින් මිගමුව පාලනය කරන නිසා ඒ පවුලට අවැසි ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් පමණක් මිගමුව තුල ක්‍රියාත්මක විමයි.වරින් වර නගරාධිපති පුටුවට පත්වන මේ පවුලේ පුතාල දැනටමත් නගරයේ ඉඩම් තමන්ගේ හෙංචයියන් අතට පත්කරමින් ඉන් වාසි ලබාගනිමින් සිටිති.

ඉඩම් අහිමි ජනයා වෙනුවෙන්ම ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන දැනට වසර 40 ක් තිස්සේ ක්‍රියාත්මක වුවද මේ සංවාදය නිසි ලෙසින් පෙරට ගෙන ආ බවක් අප නොදකිමු.
මුළු රටේම ධිවරයන් වෙනුවෙන් වැඩකරනවා යැයි කියන ව්‍යාපාරයන් පවා මිගමුවේදි කඩොලාන සුරැකිම සදහා සිය ව්‍යාපෘති සිමාවෙන් ඔබ්බට එහා ගිය බවක් අප නම් නොදනිමු.
එවන් යථාර්ථයක් තුල වනජිවි නිළධාරිණිය විසින් අප ඉදිරියේ තබා ඇති ඇත්ත ප්‍රශ්ණය වු මිගමුවට ඉඩම් ප්‍රතිපත්තියක් යන සංවාදය පෙරට ගත යුතුමය.එපමණක් නොව එය ඉතා පැහැදිලි ලෙස ව්‍යාපෘති උවමනාවන් වෙනුවෙන් කොටුනොකර බුද්ධිමත් පළල් සංවාදයක් හරහා ගොඩනැගෙන එකක් බවට පත් කළ යුතුව තිබේ.

අප එසේ කියන්නේ මිගමුව අරභයා පැවැති ඉතිහාසමය තත්වයන් ඉතා හොදින්ම දන්නා බැවිනි.

නිමල් ලංසා නගරාධිපතිව සිටියදි කඩොල් අක්කර 8 ක් නිකරුණේ කපා විනාශ කරන ලදි
නිමල් ලංසා නගරාධිපතිව සිටියදි කඩොල් අක්කර 8 ක් නිකරුණේ කපා විනාශ කරන ලදි
කඩොලාන කපා දමා හදන්න ගිය පිට්ටනිය
කඩොලාන කපා දමා හදන්න ගිය පිට්ටනිය

හිටපු ප්‍රාදේශිය ලේකම් ශාන්ත කේ. මුහන්දරම් විසින් මුඩු බිමක් වශයෙන් හදුන්වනු ලැබු , හිටපු නගරාධිපති මේ ඇත්තේ කඩොල් නොව මණ්ඩා යනුවෙන් සදහන් කළ කඩොලාන ඉඩම් අක්කර 8 ක් දැන් ඉඩම් කට්ට් 133 ක් ලෙසින් අඩුඅදායම් ලාභි ධීවරයන් සහ සුනාමි නිවාස අහිමියන් අතර බෙදා දිමට කැබ්නට් අනුමැතියද ලැබි ඇතැයි 2007 වසරේදි කියැවිණි.

වසර 2005 සිට වරින් වර මේ ඉඩම නිවාස තැනිමට යොදා ගැනිමට ප්‍රදේශයේ දේශපාලකයන් විසින් විශාල මහන්සියක් ගත්තේය.කලපු ජලය ලවණ හරනය කර පානිය ජල සැපයුමට එක් කිරිමට හිටපු  නගරාධිපති නිමල් ලංසාට සැලසුම් කරද්දි මේ ඉඩම සුරක්ෂිත කරගැනිමට එදා තනි සටනක් කිරිමට මීපුර පුවත්පතට සිදුවිය.

ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ධීවරයන් වෙනුවෙන් යැයි කියා ගත් කිසිදු සංවිධානයක් එදා අපේ ආධාරයට පැමිණියේ නැත. කඩොලන සුරකිම වෙනුවෙන් අප එදා ගෙන ගිය අරගලය හේතුවෙන් නිමල් ලංසා ඇතුළු දේශපාලකයන්ගේ බරපතල විවේචනයට ලක්වන්න මිපුරට සිදුවිය.ඉන් නොනැවතුන ලංසා පාලනය අපට එරෙහිව උද්ඝෝෂණ පවා සංවිධානය කරන්නට සුදානම් විය.

මේ පසුබිම තුල අප වඩාත් අපහසුවට පත්කරළ කාරණය වුයේ මීගමුවේ ඉඩම් අහිමි වුවන් වෙනුවෙන් වැඩකරන රාජ්‍ය නොවන සංවිධානයක් පවා මේ කඩොල් ඉඩමෙන් ඉඩම් ගැනිමට කැමැත්ත පළ කර තිබිමයි. එදා ලංසා පාලනය පල්ලියේ සංවිධානද අපෙන් මේ ඉඩම ලබාදෙන ලෙස ඉල්ලනවා යැයි ලේබල් අලවා ගන්නටද මේ තත්වය  හේතු විය.

දැන් නැවතත් කඩොලාන   විනාශයේ මුව විටට පැමිණ ඇත.

1. මීගමුව කලපුව හෝ කඩොලන බේරා ගැනිමට මීගමුවේ ඇති රාජ්‍ය නොවන සංවිධාන වලට සහ කතෝලික පල්ලියට ඇත්ත උවමනාවක් සහ වැඩපිළිවෙලක් තිබේද..???.

2. අඩුආදායම් ලාභින්ගේ නිවාස ප්‍රශ්ණය විසදිමට වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යය. එහෙත් එය පදනම් විය යුත්තේ මීගමුවේ පවතින  ඉඩම් නිසි පරිහරණයකට ලක් කළ යුත්තේ කෙසේද යන්න ගැන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් මත පිහිටා නොවේද.???

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ කරුණ අරභයා විශේෂ රාජ්‍ය නිලධාරියකු ( Land use officer )පත් කර ඇත. මීගමුව ගැන බුද්ධිමත්ව සිතන ජනයා මෙහි ඇති වැදගත්කම සලකා මේ සංවාදය මීගමුව තුල ආරම්භ කිරිමේ අති ප්‍රබල අවශ්‍යතාවක් දැන් මතුව තිබේ.

අප මීට පෙරද අවස්ථා ගණනාවකදි මේ කරුණ මතු කර තිබුනද කිසිවෙකුත් එයට අවශ්‍ය බර තැබුවේ නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article