spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ප්‍රධාන පුරවැසියා මාධ්‍ය සංවිධාන නායකයෙකුට පහරදුන් මැරයෙක් !

Must read

මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මහසභා රැස්විම වාර්ථා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවේදියෙකුට මුහුණු ආවරණය කොට වැහි කබා පැළද අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහදවල් පැමිණ පොල්ලකින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබිම චිකාගෝ පන්නයේම වැඩක් මිස පුංචි රෝමය යැයි කියාගන්නා කතෝලික පුරවරයක නම් කිසිසේත්ම සිදුවිය හැක්කක් නොවේ .මෙහි අරුමය වන්නේ මිගමුවේ ප්‍රධාන පුරවැසියා යනු මෙසේ මාධ්‍යවේදියෙකු පහර දිමට කොන්ත්‍රතාත් දුන් මැරයකු විමය. එපමණක් නොව එසේ පහර දි තිබුනේ ලංකාව තුල ක්‍රියාත්මක එකම වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරුටය.
ටයි ඇද මහත්තයෙකු සේ දිනපතා රැඟුවද ඔහුගේ මැරලේබලය සදාකාලිකය.dayan lansa mayorමේ සිදුවිමට දැන් වසර 4  කක්ද ඉක්මවා තිබේ.
හන්දියක් ගානේ සුරුවම් තිබුනද ඒ සියල්ල මදි යැයි කියා මීගමුව නගරයේ ආරක්ෂාවට යැයි කියා නගර මධ්‍යයේ වු ඔරලෝසු කණුවේ මුදුනෙහිද මරිය මව්තුමියගේ ප්‍රතිමාවක් තබා තිබුණද දැන් මීගමුවේ සිදුවන්නේ මාෆියා තාලේ වැඩය.
මේවා ගැන මීගමුව පල්ලියේ පියතුමන්ලා ඇත්තටම කම්පා  විය යුතුය.
නැතිනම් ලැජ්ජා විය යුතුය.
එහෙත් මේ දෙකන් එකක් වත් නොවන බවද අපි දන්නේ මේ සිදුවිම පිළිබදව අවධානය යොමුකරන පියතුමන්ලා සිටියේ ඉතා අතලොස්සක් බැවිනි.
මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ගේ ජිවිත 44 ක් බිළිගත් රාජපක්ෂ රෙජිමයේ මැර පාලනයෙන් රට මුදාගැනිමෙන් අනතුරුව යහපාලන රජය යටතේ මාධ්‍යවේදියෙකු හට එල්ලකරන ලද පළමු ප්‍රහාරය වන්නේද මෙයයි .
IMG-20160604-WA0008පහරදිම සදහා මැරයන් විසින් භාවිතා කරන ලද පොල්ල …
පහරදිමට පැමිණි තුෂාන් කිස්මල් රාජපක්ෂ හා දායාන් ලංසා සමගින්
පහරදිමට පැමිණි තුෂාන් කිස්මල් රාජපක්ෂ හා දායාන් ලංසා සමගින්
dayan may day

මෙම පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ විසින් කරන ජනමාධ්‍ය හමුවේ කරන්නට යෙදුන මුල් ප්‍රකාශයේදී මෙම පහරදීමට මීගමුව නගර සභාවේ එවකට ( 2016 ජුනි මස ) උප නගරාධීපති වශයෙන් කටයුතු කරන දයාන් ලාන්සා සහ ඔහුගේ පියා වන පිලේන්ද්‍රන් ලාන්සා යන අයවලුන් සම්බන්ධ බවට තමන් සැකකරන බවට  සදහන් කර ඇත.

ඒ අනුව දයාන් ලාන්සා යන අයට අයත් අංක 077 3922922 සහ 077 74 27 714 යන ජංගම දුරකථන අංක වලට ද පිලේන්දුන් ලාන්සා යන අයට අයත් අංක 077 7708609 දරන ජංගම දුරකථන ද සවිස්තර විස්තර වාර්තා ලබාගෙන ඇත.
මේ අනුව මෙම වාර්තා විශ්ලේශනය කිරීමේදී සිද්ධිය වු දින එනම් 2016.06.02 වන දින දයාන් ලාන්සා යන අයට අයත් අංක  077 3922922 ජංගම දුරකතනයට සහ අංක 077 7117225 දරන ජංගම දුරකථනය අතර උදෑසන පැය 8.25 සිට පැය 13.47 දක්වා අතර කාලයේ දුරකථන සංවාද 13ක් පමණ සිදුවී ඇත. ඊට පෙර මෙම ජංගම දුරකථන අතර 2016.05.01 දින සිට 2016.0602 වන දින දක්වා වෙනත් දිනවල සංවාද සිදුවු බවට විමර්ශනයේදී හෙළවී නැත. තවද මීට අමතරව 2016.06.02 වන දින 072 9942608 දරන ජංගම දුරකථනයෙන්ද දයාන් ලාන්සා යන අයට අයත්  077 39 22922 දරණ දුරකථනය සමග සංවාද දෙකක් සිදුවී ඇත.
මෙම අනාවරණය වූ අංක 077 7117225 දරණ ජංගම දුරකථන අංකය සහ 072 9942608 දරණ ජංගම දුරකථන අංක වලට අයත් සිම්පත් පරීක්ෂා කිරීමේදී දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු වන අඹගහගේ තුෂාන් ක්‍රිස්මාල් ප්‍රනාන්දු යන අයගේ ජංගම දුරකථනයේ තිබී සොයාගෙන ඇත.
(උපුටා ගැනිම b වාර්ථාවෙනි)????????????????????????????????????
පැමිණිලි කරු විසින් ඉතා පැහැදිලි ලෙස සිය පැමිණිල්ලේ පුද්ගලයෙකුගේ නම සදහන් කරමින් චෝදනාවක් ඉදිරිපත් කොට තිබේ.
එපමණක් නොව අදාල පුද්ගලයා විසින් 2016.5.17 වනදා දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන්ට එක්තරා ආකාරයක අනතුරු ඇගවිමක්ද කර ඇති බව පැමිණිලේම සදහන්ය.
දිනපතා විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව මාධ්‍ය වාර්ථා ඔස්සේද පැමිණිලි කරු කියා සිටියේ මේ ප්‍රහාරයේ මහමොළකරු මීගමුව මහනගර සභාවේ දයාන් ලංසා බවය.
රාජපක්ෂ පොලිසියෙන් වෙනස් වු යහපාලන පොලිසිය කෙසේ හෝ වහා  ක්‍රියාත්මක වි  පැය 24 ක් පමණ යන විට මේ මැරයන්ව හදුනාගෙන තිබුන අතර අත්අඩංගුවට ගන්නට ඔන්න මෙන්න කියා තිබියදි මැරයන්ගේ අනුග්‍රාහකයන් වු ලංසා පවුල විසින් මේ මැරයන් දෙදෙනාව පොලිසිය වෙත භාරදිමට කටයුතු කර තිබුනේ කඩොල්කැලේ දුටුගැමුණු විහාරයේ සිටියදිය.( දුටුගැමුණු විහාරය යනු දයාන් ලංසාගේ සමිපතම හිමිනමකට අයත් එකකි)රාජපක්ෂ පොලිසියට වඩා යහපාලන පොලිසිය පැය 48 ක් යන්නට කලින් පහර දුන් වුන් අත්අඩංගුට ගෙන තිබුණි.එය පැහැදිලි වෙනසකි.එහෙත් රාජපක්ෂ රෙජිමයේ අවතාරවලට තවමත් යහපාලන පොලිසියටද වෙට්ටු දමන්නට හැකි බව මේ සිදුවිමෙන් දැන් සනාථ වි හමාරය.
මීගමුවේන් මේ පරික්ෂණ කටයුතු නිසිලෙස සිදුනොවන නිසා ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් මෙහි ඉදිරි පරික්ෂණ කටයුතු පැලියගොඩ විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දුණි.
එහෙත් එහිදිද තත්වයේ වෙනසක් සිදුව තිබුනේ නැත
ඉන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා විසින් මේ ප්‍රහාරය පිටුපස සිටින අනික් ප්‍රබලයන් අත්අඩංගුවට ගැනිම පිළිබදව නිතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතන ලෙසට පොලිසියට දන්වා සිටියේය.
මේ නියෝගයෙන් මාස කිපයක් ගෙවි තිබුණද පොලිසිය නිසි ලෙස ක්‍රියාත්මක ව නැති බව පසුව පැවැති හැම නඩුවාරයකදි අප පසක් කොට ගත් ඉතා පැහැදිලි සත්‍ය එයම විය.
මීළග නඩු විභාගය මේ අගොස්තු මසට  යෙදි ඇත.

දැන් යහපාලන අවසන්ය . දැන් ඇත්තේ  ජනපති ගෝඨාගේ පාලනයයි.

1.පොලිසි බි වාර්ථාව විසින්ම දුරකථන දත්ත විස්තර මගින් සපයා ඇති කරුණු අනුව අදාල මැරයා සහ දයාන් ලංසා අතර පැය 5.25 තුල දුරකථන සංවාද 16 ක් සිදුව තිබේ.
ඒ වේලාව යනු මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විම පවත්වන වේලාවයි. දායන් ලංසා යනු උප නගරාධිපතිවරයායි.එසේ නම් මීගමුව මහනගර සභාවේ කම්කරුවෙකුට මහසභා රැස්විම පවත්වන අවස්ථාවේදි දුරකථන ඇමතුම් 16 ක් ගන්නට තරම් වැදගත් දෙයක් තිබිය හැකිද ?
මේ තත්වය මත මේ ගැන ප්‍රශ්ණ කිරිමට දායන් ලංසාව චූදිතයෙකු ලෙස නම් නොකර සිටිමට පොලිසිය තවදුරටත් කටයුතු කරන්නේ නම් ඉන් අදහස් කරනු ලබන්නේ කුමක්ද?
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සෑම නඩුවාරයකදිම අසා සිටින්නේ මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් චුදිතයන් පොලිසිය විසින් නම් නොකරන්නේ මන්ද යනුවෙනි.
දයාන් ලංසාව නිදහස් කරගැනිමට පොලිසියේ ඇතැම් නිළධාරින් මේ අවස්ථාවේ කැස කවන්නේ නම් මේ සිදුවිම අරඹයා ජාත්‍යන්තර තුල චූදිතයා වන්නේ ශ්‍රි ලංකා පොලිසියම මිස අන්කවරෙකුත් නොවේ.

2.මෙහිදි අපවිසින් මතුකරනු ලබන 2 වන අවධාරණය වනුයේ සිය රාජකාරි වේලාව තුල නගර සභාව තුලට අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණ මහනගර සභාවේ මාසික රැස්විම වාර්ථා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුට මරාන්තික පොලු ප්‍රහාරයක් එල්ල කළ සුළු සේවකයෙකුට නැවත රැකියා ලබාදෙන්නට නාගරික කොමසාරිස්වරයා කටයුතු කර තිබුනේ  කෙසේද යන්නයි.

නීතිය නැමු මිගමුව නාගරික කොමසාරිස්වරිය
මාධ්‍යවේදියෙකුට පහරදුන් තැනැත්තා මේ මැර ක්‍රියාව කර තිබුනේ සිය රාජපකාරි වේලාවේදිය. ඒ සිය රාජකාරිමය යතුරු පැදියට උපයෝගි කරගනෙය. තතු එසේව තිබියදි නීතිය අගේටනැමු මිගමු මහනගර සභාවේ එවකට නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් මේ මැරයන් රැකගැනිමට පියවර ගෙන තිබුණි.

NGB-commisionar-1

මාධ්‍යවේදියෙකුට පහරදුන් මැරයෙකු වු ගයාන් සමගින් වත්මන් කොමසාරිස්තුමිය
මාධ්‍යවේදියෙකුට පහරදුන් මැරයෙකු වු ගයාන් සමගින් නීතිය නමන වත්මන් කොමසාරිස්තුමිය

නඩුවක් අවසානයේදි හෝ පොලිස් පරික්ෂණ අවසානයේදි හෝ ඔප්පු වන තුරු බලා සිටිමට අවැසි නොවන  මරාන්තික වැරදි කිපයක් මේ සේවකයා විසින් සිදුකර ඇති බව ඉතා පැහැදිලිය.
තතු එසේව තිබියදි අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වා මෙසේ විනය විරෝධි කටයුතු රැසක් සිදුකළ සුළු සේවකයෙකු නැවත කිසිදු ලැජ්ජාවකින් තොරව සේවය ලබා දි ඇත්තේ කෙසේද යන්න යහපාලන රජයේ බලධාරින් විසින් ලොවටම ප්‍රකාශ කර සිටි යුතුවේ

දයාන් ලංසාගේ කුලි මැරයෙකු වු තුෂාන්ගේ පහර කැමට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ
දයාන් ලංසාගේ කුලි මැරයෙකු වු තුෂාන්ගේ පහර කැමට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article