spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ දේශපාලන පවුලක පුද්ගලික ප්‍රශ්ණයක් ! රජයත් අපහසුවට පත්කරන පොලිස් මෙහෙයුමක් ????

Must read

මීගමුවේ දේශපාලන පවුලක දියණියක් පසුගිය දින කිපය පුරා ආගිය අතක් නැතිව සිටි බවට වු පුවතක් ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය විසින් ඊයේ දිනයේ වාර්තා කොට තිබුණි.
මේ වනවිට ලැබි ඇති තොරතුරවලට අනුව එසේ ආගිය අතක් නැතිව සිටි දියණිය හමුවි ඇත.
ඒ ඇයගේ නිත්‍යාණුකුල ස්වාමිපුරුෂයාද සමගිනි.

මෙසේ ආගිය අතක් නැතිව සිටි මෙම දේශපාලන පවුලේ දියණිය සොයා මිගමුව පොලිසියේ ලොකු මහත්තුරුන් දැවැන්ත මෙහෙයුමක් දියත්කර තිබුන බවටද වාර්තා විය
ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය ඊයේ වාර්තා කර තිබුනේ ආගිය අතක් නැති දියණිය සෙවිමේ මෙහෙයුමේදි තරුණයන් කිපදෙනෙකුව සොයා කිසියම් පිරිසක් ගොස් ඇති බවය.
මෙම මෙහෙයුම ගැන පසුව දැනගන්නට ලැබුනේ මේ එක් තරුණයෙකුව මිගමුව පොලිස් අධිකාරි කාර්යාලය විසින් ඊයේ පෙරවරුවේ රැගෙන විත් තිබුණ බවත් පසුව ඊයේ රාත්‍රියේ ඔහුව නිදහස් කර යවා ඇති බවත්ය.

වාර්තා වන අන්දමට .ආදල තරුණයා කටාන හල්පේ පදිංචිකරුවෙකු වන අතර දේශපාලන පවුලේ දියණිය හා ඇගේ පෙම්වතාගේ විවාහයේ සාක්ෂියට අත්සන් කර ඇත්තේද මේ තරුණයා විසිනි
මේ ආකාරයෙන් මෙම තරුණයාව මිගමුව පොලිස් අධිකාරි කාර්යාලට ගෙන ආවේ කවර පදනමක් යටතේද යන්න තවමත් පැහැදිලි නැත.
දේශපාලන පවුලකට වුව සාමාන්‍ය පවුලකටද ඇතැම් විට සාමාන්‍ය සිදුවිමක් විය හැකිව ඇති මෙවැනි තත්වයක් දැන් සුවිශේෂි වි ඇත්තේ මිගමුවේ ඇතැම් පොලිස් නිළධාරින් කටයුතු කර ඇති ආකාරය නිසා බව මේ ගැන තතු දන්නා සමාජ හා සිවිල් ක්‍රියාකාරිහු පවසා සිටිති.
මෙහිදි දේශපාලන පවුලේ තරුණිය විවාහ කර ගත් තරුණයාගේ සොහොයුරියගේ නිවසටද වරින් වර විවිධ පිරිස් පැමිණ තර්ජනය ඇති බව ඒ පවුලේ ඥාතිහු ප්‍රකාශ කරති.

පොලිසිය භාර ඇමතිවරයා නීති ගරුක පොලිසියක් හදනවා යැයි කියද්දි ඇතැම් විට නීතියේ සිමාවද පැන පොලිසිය කටයුතු කරන්නේ නම් එහි නරක නාමය සැබැවින්ම එල්ලවන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව වෙතය.

ඉන් අපහසුවට පත්වන්නේ රජය යැයි මේ ව විටත් දේශපාලන කවයන් තුල කථාබහක් මතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article