spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධර්මන් කලුද ? සුදුද?

Must read

සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්නට තාවකාලිකව එම ධුරයෙන් ඉවත්වන ලෙස ලේක් හවුස් පාලන අධිකාරිය දන්වා ඇතැයි වාර්තා වන බව ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.

මූල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මේ වන විට ලේක්හවුස් මානව සම්පත් අංශය, රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව හා ලේක්හවුස් අභ්‍යන්තර විගණන අංශයද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම පුවත් වල වැඩිදුරටත් සඳහන්ව ඇත.

මේ අතර සිළුමිණ ප්‍රධාන කතෘ ධර්මන් වික්‍රමරත්න මහතා සේවයෙන් නෙරපා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළ වන පුවත සාවද්‍ය බව ලේක්හවුස් ආ‍යතනයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් 2024 ජනවාරි 27 වැනිදා පස්වරුවේ වට්සප් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කර ඇත.

මේ අතර ධර්මන් වික්‍රමරත්න සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශකයක් කරමින් කියා ඇත්තේ,මෙම සාවද්‍ය ප්‍රචාරය පිටුපස දිනමිණ සහ සිළුමිණ පුවත්පත් වල ඉහල නිලයන් දරන පිරිසක් සිටින බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article