spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධිවර සහනාධාර ගැන ධීවර එකමුතුවෙන් චෝදනා

Must read

ඡායාරූප – ප්‍රියපේම මාණික්කරත්න
ඡායාරූප - එම්.ඉෂෙඩ් සාජහාන්
ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්

අද පෙරවරුවේදී මීගමුව ධීවර කාර්යාලය අසල දී ධීවර සංවිධාන එකතුවේ සාමාජිකයන් පිරිසක් විසින් විරෝධතාවයක නිරත වූහ. මෙහිදී ඔවුන් විසින් මතුකළ ගැටළුව වන්නේ පැවති ආණ්ඩුව විසින් ධිවරයින්ට ගෙවීමට නියමිත   හිග ධීවර සහනාධාරය වර්තමාන රජය විසින් ගෙවන්නට ආරම්භ කර ඇති පදනමේ යම් අයුක්ති සහගතභාවයක් තිබෙන බවයි.
මෙහිදී ඔවුන් කියා සිටින්නේ තෙල් සහනාධාරය වෙනුවට ලබාදෙන විකල්ප සහනාධාරය සියලූම  ධිවරයින්ට නොගෙවන අතර  ධීවර අමාත්‍යාංශය විසින් ධිවරයින් කොටසකට පමණක් මෙම සහනාධාරය ගෙවන බවයි. මේ සම්බන්ධයෙන් මීගමුව ධිවර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක   රංජිත් බන්ඩාර මහතා කියා සිටියේ  මේ වන විට මෙම විකල්ප සහනාධාරය වන දැල් ආම්පන්න, ලබාදීමට  ආරම්භ කර ඇති අතර මෙලෙස එය ලබාගැනීමට නම් සෑම පුද්ගලයෙකුටම ධීවරයෙකු බව ඔප්පු කිරීම සදහා වන නිර්දේශ සම්පූර්ණ කළ යුතු බවයි. එම නිර්දේශිත සුදුසුකම් වන්නේ අයදුම් කර තිබීම, බෝට්ටුවක් තිබීම සහ කලින් තෙල් සහනාධාර ලබා තිබීම යන කරුණුයි. මේ වනවිට 975 දෙනෙකු අයදුම් කර ඇති අතර ඔවුන්ගෙන් 515 දෙනෙකුට විකල්ප සහනාධාර ( බෝට්ටු,එන්ජින් ,දැල් ) ලබාදී ඇති බවත් තවදුරටත් ඔහු පැවසීය. මේ අතර මෙම විරෝධතාවයට සහභාගී වී සිටි ධිවර සංවිධාන එකතුවේ කැදවුම්කරු ලෙනී ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම සහනාධාර හිගය එක්කෝටි පනස්දාහක් බවයි. එමෙන්ම වර්තමාන රජය යටතේ මේ ලබාදෙන සහනාධාරය දේශපාලන හිතවත්කම මත ලබාදි ඇති බවයි.

ඡායාරූප - ප්‍රියපේම මාණික්කරත්න
ඡායාරූප – ප්‍රියපේම මාණික්කරත්න

DSC07944DSC07941(1)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article