spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපති තාත්තාට බිච් පාක් එක අවුරුදු 5 කට බදු දිමේ සැලැස්මක් !

Must read

දයාන් 5(2.15 am ) රාජපක්ෂ ලංසා හවුල් පාලනය කිසි විටකත් වැඩකටයුතු කළේ ජනතාවට රටට හෝ ගමකට ආදරේ ඇතිව නොවේ .
රාජපක්ෂලා මෙන්ම ලංසාලාටද අංක එක පවුලය අංක 2 ත් පවුලමය.
මේවා රටත් ගමත් දැනගෙන බොහෝ කල්ය.
බඩු නහුතයක් බෙදුවද පසුගිය මැතිවරණ වලදි මිගමුවේ ලංසා පවුලට අත්වු අන්ත පරාජය විසින් කියැවුනේ ජනතාව දෑත් ඔසවාම ඔවුන් එපා යැයි කියා පරාජය කර ඇති බවය.
තතු මෙසේව තිබියද යන්තම් කප්පම් නගර පාලනයක් අටවාගෙන එහි හෙළුව වසා ගැනිම සදහා මාධ්‍ය සංදර්ශණ දිනපතා  පවත්වමින් මිගමුවේ බදුගෙවන ජනයාගේ ඇසට වැලි ගසන්නට දයාන් ලංසා නගරාධිපතිවරයා පසුගිය කාලය තුල ආසාර්ථ උත්සාහක නියැලි සිටින බව අප තොරතුරු සහිතවම නිරත්නතරයෙන්ම හෙළිදරව් කළෙමු.
මේ සියලු මාධ්‍ය සංදර්ශන පවත්වමින් කප්පම් පාලනය පසුගිය කාලය තුල කැස කැසු ඇත්ත හේතුව දැන් මල්ලෙන් එලියට පැන ඇත.
එනම් තාත්තාගේ අභිමානය රැකදිම සදහා මිගමුවේ බදුගෙවන ජනයාත් නගර සභාවත් බිල්ලට දිමේ මෙහෙයුමය.
බිච් පාක් එක යනු ලංසා පවුලේ පියාගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි.beach-prk-1
වසර 2003 සිට මීගමුව බිච් පාක් එක බදුගත්තේ ඔහු විසිනි . ඒ වෙනත් නම් වලිනි.
එය කුප්‍රකට ඇත්ත මිගමුවත් රටටත් ඉතා හොදින් දනි.
ටෙන්ඩරයට නම දෙන ධර්මේන්ද්‍ර නැමැත්තා දළුපත වෙසෙන අහිංසකයෙකි. ටෙන්ඩරය ගන්නේ ඔහුගේ නමිනි.
ඒ වෙනුවෙන් ඔහුට මාසිකව මුදලක් ලබාදෙනු ලැබේ.
පසුගිය කාලයේ මේ ටෙන්ඩරය මිළ තින්දු වුයේ වසරකට රු ලක්ෂ 24 කටය. එහෙත් ඇතැම් සතිවල පමණක් එහි අදායම ලක්ෂ 100 පනින බව තතු දන්නෝ පවසා සිටිති.beach park 1
නගර සභාවේ කාලය වසර 4 ක් වුවද දායන් ලංසා නගරාධිපතිවරයා මේ දිනවල කැස කවන්නේ සිය පියාට වසර 5 කට බිච් පාක් එක් ටෙන්ඩර දිම සදහා කටයුතු කිරිමටය.
මෙය සම්මත විමට ඉඩ දෙනු ලබන්නේ නම් නිමල් ලංසාගේ පියා හෙවත් පිලෙන්ද්‍රන් බිච් පාක් එකක්  2003 සිට 2023 තෙක් අඛණ්ඩව  බදුගත් තැනැත්තා ලෝකඉතිහාසයට එක්විමටද නියමිතය.
ලංසාලා දේශපාලනය කරන්නේ ඇත්තටම ඇයිදැයි තේරුම්ගැනිමට මිගමුවේ මොලේ ඇති අයට තවත් උපහැරණ ඇවැසි නොවේ .
මීගමුව දන්නා පට්ටම ඇත්ත නම් පිලේන්ද්‍රන් ලංසා සිය පුතුන් දේශපාලනය තුල නඩත්තු කරනු ලබන එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ බිච් පාක් එකක නිසාම විමය.
රටටම චණ්ඩිකම් පෙන්නුවද පුතුන් දෙපල තාත්තාට සරෙන්ඩර්ය. මන්ද හොර ඡන්ද මතින් හෝ දේශපාලනට පුතුන් ගෙනඒමේ ගෞරවය සිය පියාට නිතැතින්ම ලැබෙන බැවිනි.
මේ අනුව ලබන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වෙන මහසභා රැස්විමට මිගමුවේ බදුගෙවන ජනයාට රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක ආදයමක් ලැබිය හැකිව ඇති අදායම් උත්පාදන මාර්යගයක් සිය පියාගේ එක් විනෝදාංශයක් නඩත්තු කිරිම සදහා ලැජ්ජා නැතිව වසර 5 කට බදු දිමට පසුබිම සකසන යෝජනාවක් ඉදිරිපත්විමට නියමිතය.UNP at Mc
මීගමුව නගරයේ කොට්ටාශ 29 න් 19 ක් ඉහලින්ම ජයගත් එජාප ම්න්ත්‍රින්ගෙන් සමන්විත බලඇණියක් වෙයි. මිගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් ඔවුන්ගේ මැදිහත්විම දෙස අප ඉතාමත් ඕනැකමින් බලාසිටින්නේමු.
මේ අය අතර මුදලට සත්‍යය පාවා දෙන ජුදාස්ල ටික දෙනෙකුද සිටින බව අප ඉතා හොදින් දනිමු. ඒ අය ගැන වසර ගණනාවක් තිස්සේ අප විසින් නඩත්තු කරනු ලබන ෆයිල් සදහා අලුතින් එකතු වුණ තොරතුරුද නැතුවාම නොවේ .ඒවා අප ඇවැසි තැන හෙළිදරව් කරන්නට කිසිවිටකත් පැකිලෙන්නේ නැත.
මිගමුවේ ප්‍රගතිශිලි ජනයාත් එජාපයත් දායාන් ලංසාගේ තාත්තා ගොඩදමා මහනගර සභාවත් බදුගෙවන ජනයායත් ගගේ යවන යෝජනාව ප්‍රබල විරෝධයක් ඇතුලත මෙන්ම පිටතත් මතුකළ යුතුව තිබේ.
මෙහිලා සටහන් කළ යුතු තවත් අපුලක් සහිත  කථාවක් තිබේ.එනම් පෙරියමුල්ලේ පල්ලියේ කතෝලික පියතුමා විසින් දයාන් ලංසා නැමැති නගරාධිපතිවරාගේ ගුණ කියන විඩියෝ වෙළද දැන්විමක් අන්තර්ජාලයට මුදාහැර තිබිමය.
පාප්තුමන් කියා ඇත්තේ කළු සල්ලිකාරයන්ගේ කිසිදු උදව්වක් පල්ලියට වද්දා නොගත යුතු බවය.
එහෙත් මිගමුවේ ඇතැම් පියතුමන්ලා කිස්තුස් වහන්සේ වද අමු අමුවේ පාවා දෙන විගඩම්කාරයන් බවට පත්ව සිටිති..
අපට ඒ පියතුමාගෙන් අසන්නට ඇත්තේ ඔබ පාප්තුමන්ගේ ආගමේද කියාය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article