spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නමට පමණක් ඇති මීගමු නගර සභා වෙබ් අඩවිය ?

Must read

NNMC web newමා හට මෙම ලිපිය ලිවීමට සිතුනේ පහතින් දක්වා ඇති කැනඩාවේ නගරයක් වන Vancouver නගරයේ වෙබ් අඩවිය ( http://vancouver.ca  ) සහ එම නගරය පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීමෙන් පසුව
අප මීගමුව නගරයේ වෙබ් අඩවිය ( www.negombo.mc.gov.lk ) හා සංසන්දනාත්මකව සිතීමෙන්ය.

ප්‍රථමයෙන්ම සඳහන් කල යුතු කරුණක් වන්නේ එම නගරයේ වෙබ් අඩවිය තුළින් ගත හැකි සේවාවන්ය. Vancouver නගරයේ නගර සභාව විසින් එම නගර වැසියන් හට ලබා දෙනු ලබන බොහොමයක් සේවා පිළිබඳව විස්තර එම වෙබ් අඩවිය තුළින් ලබා ගත හැක. උදාහරණ ලෙස නගරයේ කුණු කසල ගෙන යන කාල සටහන්, විවිධ අවසර පත්‍ර බාගත (Download) කර ගැනීම සහ එම සේවා පිළිබඳ විස්තර දැන ගැනීම, නගරයේ නඩත්තු කලයුතු ස්ථාන පිළිබඳව නගර වැසියන්ට නගර සභාව දැනුවත් කිරීමේ හැකියාව ගත හැක.

එහෙත් අප මීගමුවේ නගර සභාවට අයත් වෙබ් අඩවිය දැකීමෙන් ඇති වන්නේ මහත් කනගාටුවකි. එය ඉතා කලාතුරකින් යාවත්කාලීන (update ) වන බව නොරහසකි.
එහි තවමත් ඇත්තේ ස්වන්ක්‍රීයව ක්‍රියාත්මක වන ගීතය සහ මීගමුව පිළිබඳ ලිපි කිහිපයකි. ඇතැම් අයට ඉතා පහසුවෙන් “මේ වගේ පිටරට දේවල් අපිට කරන්න පුලුවන්ද” කියා ප්‍රශ්න කිරීමට පුලුවන. එහෙත් අපට යථාර්ථය අවබෝධ වන්නේ සමහර හිටපු නගරාධිපතිවරුන්ගෙ පෞද්ගලික වෙබ් අඩවි දැකීමෙන්ය.

තවද එම නගර සභාවේ පවත්වන රැස්වීම් ආදියේ විස්තරද, නගර වැසියන්ගේ අදහස් විමසීම සහ නගර වැසියන්ට සහභාගී විය හැකි රැස්වීම් පිළිබඳව ද වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් කරයි. එමගින් නගරයේ ගැටලු පිළිබඳව ඇල්මක් දක්වන පුද්ගලයින්ව නගර සභාවේ රැස්වීම් සමඟ සම්බන්ධ කරගැනීම සිදු වේ.
එහෙත් අප මීගමුව නගර සභාවේ කුමක් සිදුවනවාද , එහි නාගරික මන්ත්‍රීතුමන්ලා ගනු ලබන තීරණ මොනවාද , නගර සභාවේ මූල්‍ය කටයුතු කෙසේ සිදු වනවාද , නගර සභාව විසින් සිදු කරන සංවර්ධන කටයුතු මොනවාද මේ කිසිවක් නගර වැසියන් හට පහසුවෙන් දැන ගැනීමට හැකියාව නැත.
වේබ් අඩවි මඟින් පණිවිඩ ලබා දී මහජනයා දැනුවත් කිරීම , වියදම් අවම විශාල පිරිසකට තොරතුරු සැපයීමේ ක්‍රමයකි. තතු එසේ තිබිය දී නමට පමණක් වෙබ් අඩවියක් පවත්වාගෙන යන මීගමු නගර සභාව පිළිබඳව ඇති වන්නේ ඉමහත් කනගාටුවකි.
මීගමුව නගර සභාව අනවශ්‍ය කටයුතු වලට මුල්තැන දෙන බව පෙනෙන්නේ නගර සභා භූමිය පෙනෙද්දීමය. ප්‍රතිමා, පිළිම නගර සභාවට වැදගත් නැත. ඒවා සඳහා පල්ලි පන්සල් කොතෙකුත් ඇත.නගර සභාව අප කාගෙත් පොදු තැනකි.එවන් ස්ථාන සඳහා ආගමික පසුබිම් අවශ්‍ය නැත .එම නිසා මෙවැනි සැමට ප්‍රයෝජනවත් කටයුතු සඳහා මුල්තැන දෙනු අතැයි අපි කවුරුත් බලාපොරොත්තු වන්නෙමු.
B.S.H. Maldeniya
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article