spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාත්තණ්ඩිය කිරිමැටියානේ සිදුවූ අනතුරකින් ගුවන්හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට.

Must read

accident-rutier-e1492056560151

නාත්තණ්ඩිය කිරිමැටියාන පන්සල් හන්දියේ සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලෙකු රෝහල් ගතකිරීමෙන් අනතුරුව අද අළුයම මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කටුනායක ගුවන්හමුදා කදවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ සේවය කල නාරවිල යක්දෙස්සාව ප්‍රදේශයේ පදිංචි උපුල් ප්‍රියශාන්ත නැමැති හමුදා නිලධාරියෙකි.

මිය ගිය හමුදා නිලධාරියා පෙරේදා දිනයේදී තම සේයාමුරය නිමකර සිය යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටියදී කිරිමැටියාන පන්සල් හංදියේ නවතා තිබූ ලොරි රථයක පිටිපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බරපතල තුවාල ලැබූ ඔවු පළමුව මාරවිල රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් මාරුකර යවා ඇති අතර ඔහු අද අළුයම මියගොස් ඇත.

අනතුරට හේතු වූ ලොරි රථය හා රියදුරා කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්වත්ත පොලීසිය විසින් සිදුවීම සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article