spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාඳුනන තුවක්කරුවන් මීගමුවේදී පුද්ගලයෙකු මරා දමයි

Must read

අද (10) 7.30ට පමණ මීගමුව ගල්කන්ද හන්දියේදි යතුරැ පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇත.

මෙම පුද්ගලයා යතුරු පැදියකින් සිය නිවස බලා යමින් සිටියදී මෙම වෙඩිතැබිමට ලක්ව තිබේ.

මිගමුවේ බාල්දි හංදිය ප්‍රදේශයේ ලැගුම් හලක සේවය කරමින් සිටි මෙම පුද්ගලයාට මිගමු ගල්කන්ද හංදියෙන් මිනුවන්ගොඩ පාරට හරවනවාත් සමගම තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇතැයි වාර්තාවේ.

අවුරුදු 62 ක වන රෙක්ස් සල්ගාදු නැමැති මෙම පුද්ගලයා සිය පවුල සමගින් තුන්වන කුරණ මිගමුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇත..

මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට මිගමුව රෝහලට ගෙනගොස් ඇති අතර මිගමුුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article