spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුනඛයෙකුට ගිණි තබා මරා දැමූ ඝාතකයා අත්අඩංගුවට

Must read

 

මිට දින දෙකකට පමණ උඩදි මිනිසෙකුගේ තිරිසන් ක්‍රියාවක් හේතුවෙන් අහිංසක සුනඛයෙකු ජිවිතයෙන් සමුගත්තා. ඒ සුනඛයාට කිසියම් පුද්ගලයෙකු විසින් පෙට්‍රල් වක්කර ගිණිතැබිම හේතුවෙන්. මෙම සත්වයාගේ සිරුරට ගිණිතැබිමෙන් පසුව ඔහු  පැය ගානක් ජීවිත්ව සිට පසුව  මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුනඛයින්ට ආදරය කරන පිරිසක් මෙම සතාව සොයාගන්නට ද සමාජ මාධ්‍ය හරහා පණිවිඩ තබා තිබුනා. පසුව දැනගන්නට ලැබුනේ සුනඛයා වේදනා විද මරණයට පත්වූ බවයි.
මේ වනවිට මෙම  තිරිසන් ක්‍රියාව  සිදුකළ පුද්ගලයාව යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව හෙට අධිකරණට ඉදිරිපත්කිරිමට නියමිත බවත් වාර්තා වේ.   මේ වනවිට මෙම කෘෘර ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට බව් බව් සංවිධානය ඉදිරිපත්වී තිබේ.

මේ ගිණිතැබීම සම්බන්ධයෙන් ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබූ සටහනක්

මෙයාට පෙට්ට්ර්ල් දාලා ගිනි තිබ්බේ කොළඹ නුවර පාරෙ ඉබුල්ගොඩ ඉස්කෝලෙ හන්දියෙන් හැරී ගම මැද පාරෙ රබර් වත්ත ඉස්සරහ ගෙදර නරුමයන් .
ඒ ගෙදර ඉන්න ජර්මන් ශෙපඩ් ගැහැනු සතාට හීට් එක ඉවට තමයි මෙයා ගියේ ඒ වරදට තමයි ඒගෙදර නරුමය පෙට්ට්රල් දාලා ගිනි තිබ්බෙ

පහත සටහන බව් බව් සංවිධානයේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි. ‘
ගම්පහ ඉඹුල්ගොඩ ප්රදේශයේ සුනඛයෙකු ගිණි තබා මරාදැමීම සම්බන්ධ සිද්දියේ සැකකරැව යක්කල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර හෙට දිනයේදී ඔහුව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
යක්කල පොලිස් ස්ථානය වෙත ගොස් ඒ පිළිබදව සොයාබැලීම සිදුකිරීමට සහ පොලිස් පරීක්ෂණ කටයුතු දිරිමත් කිරීම සදහා සත්ව සුබසාධන සංවිධානයක් වශයෙන් සහයෝගය ලබාදීමට බව්බව් අපි කටයුතු කලා. ඒ අනුව ඉදිරි අධිකරණ කටයුතු සදහා නීතිවේදී මහතෙකු ඉදිරිපත් කිරීමට අවශ්ය උනොත් ඒ සම්බන්ධව සියලුම වගකීම් BawBaw Animal Welfare මගින් දැරීමට අප එකගතාවය ලබාදුන්නා
යක්කල පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් පරීක්ෂක බංඩාර මහතා ඇතුලු සියලුම නිලධාරීන් සතුන් වෙනුවෙන් ඉතාමත් කාරැනිකව කටයුතු කිරීම සහ පොලිස් ස්ථානයේ කාර්යාලයේ පවා වීදි සතුන් වෙනුවෙන් ඉඩකඩ වෙන් කර තිබීම විශේෂයෙන් අගය කරනව
ස්තූතියි ❤
මෙම සිදුවීම සම්බන්ධව මූලික වෙලා ක්රියාකරපු Chamara Bandara ඇතුලු සියලුම දෙනාට, යක්කල පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුලු සියලුම නිලධාරීන්ට පොලිස් ස්ථානය වෙත පැමින නිලධාරීන්ව සම්බන්ධ කරදීමට ඉදිරිපත් උන maneesha thathsarani නංගිට වචනෙකින් හරි සහයෝගය දීපු හැමෝටම.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article