spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අතුරුදන් වූ කන්දසාමි ඉලමාරන්ගේ මවට මිලියනක වන්දියක්; අතුරුදහන් කිරීමට හමුදාව වගකිව යුතුයි; නඩු පැවරීමට නියෝගයක්

Must read

ඡායාරූපය: අතුරුදහන් වූ සිය පුතා  වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින මවක්.

2006 වසරේ ඕමන්ත මුරපොළට පැමිණි අවස්ථාවෙහි අතුරුදන් වූ කන්දසාමි ඉලමාරන් නමැති දෙමළ තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එවකට සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ ඕමන්ත විධානයේ අණදෙන නිලධාරීන් වගකිව යුතු බවට වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංචේලියන් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ මෙම මස 08වන දිනය.

යුද්ධයේ උග්‍ර කාලය තුළ වන්නි ප්‍රාදේශිය ආඥාපතිවරයා ලෙස කටයතු කළ  උසස් නිලධාරියකු සහ හමුදාපතිවරයා මෙම වගකීම් දරන බව විනිසුරුවරයා නිගමනය කළේය.

2006 වසරේදී එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට හමුදා පාලනයේ පවතින ඕමන්ත මුරපොල වෙත ඉලමාරන් පැමිණ ඇති අතර, ඉන් පසුව ඔහුගෙන් කිසි දිනෙක අසන්නට හෝ දකින්නට ලැබුණේ නැත. තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඕමන්ත ප්‍රදේශයේ අණදෙන නිලධාරි, වන්නි අණදෙන නිලධාරී සහ යුද හමුදාපතිවරයාට එරෙහිව ජ්‍යෙෂ්ඨ නීතීඥ රත්නවේල් විසින් රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

ඕමන්ත මුරපොළේ පවත්වාගෙන ගිය ලොග් පොත්වල එල්ටටීඊ පාලන ප්‍රදේශයේ සිට එම ස්ථානයට පැමිණෙන තරුණයාගේ නම සටහන්ව තිබූ බව නඩුවට සහාය දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින් පෙනී ගියේය. කෙසේ වෙතත් දෙමළ තරුණයන් අත්අඩංගුවට ගෙන හෝ රඳවා නොගත් බව හමුදාව අධිකරණයට දන්වා තිබුණි.

තරුණයා අවසන් වරට දැක පටිගත කළ ස්ථානය ඕමන්ත මුරපොළේ බවත් ඉන්පසු වෙනත් කිසිදු තැක ඔහු දැක නැති බවත්  තරුණයා අතුරුදන් වූයේ මුරපොළෙහි දී  බව සනාථ කරමින් පෙත්සම්කරු අභියෝග කළේය.

ඉලංචේලියන් විනිසුරුවරයා සිය තීන්දුවේදී නියෝග කළේ අණදෙන නිලධාරීන් තරුණයාගේ මවට රුපියල් ලක්ෂ 10ක වන්දියක් මුදලක් ගෙවිය යුතු බවයි.  තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ද අධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

srilankabrief.org

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article