spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නගරයේ කාගෙත් සුරතලා ” චූටි”

Must read

මේ ඉන්නේ මීගමුව නගරයේ බන්දුල මාර්කට් එක සමීපයේ පදිංචි ලාල් අය්යා. ලාල් අය්යාගේ අතේ මේ විදිහට කුඩා දරුවෙක් වගේ තුරුල් වෙලා ඉන්න මේ පුංචි වඳුරු පැටියාට තමයි “චූටි ” කියන්නේ.ලාල් අය්යායි,චූටි අතරයි තියෙන්නේ හරිම පුදුමාකාර සම්බන්ධයක්.ඒවාගේම ලාල් අය්යට චූටිව හමුවෙලා තියෙන්නෙත් අහඔු විදිහකට. මීට මාස 07 කට විතර කලින් ලාල් අය්යා එයාගේ හිතවතුන් පිරිසක් එක්ක කුරුණෑගල පැත්තේ ට්‍රිප් එකක් යද්දී මැල්සිරිපුර පාරේ, හම ගැලවිලා ලේ පෙරාගෙන හොදටම තුවාල වෙලා මහා පාරේ වැටිලා හිටිය පුංචි වඳුරු පැටියෙක් දැකලා තියෙනවා.එතැනට ගිය ලාල් අය්යා වාහනයේ හිටපු එයාගේ හිතවතුන්ගේ දැඩි විරෝධය මැද මේ පුංචි වඳුරු පැටියව එයගේ ගෙදරට ගෙනල්ලා අවශ්‍ය ප්‍රතිකාර දිලා ඉතා සුළු කාලයකින් සුවපත් කරගෙන තියෙනවා. එහෙම බෙහෙත් හේත් කරලා කවලා පොවලා තමාගේ ගෙදර තමාගේ කාමරයේ ,තමාගේ ඇඳේම තියාගෙන කොටින්ම කියනවානම් තමාගේ නෙත් මානයේම තියාගෙන ඇති දැඩි කරගත් මේ පුංචි වඳුරු පැටියත් , ලාල් අය්යා අතරේත් මේ වනවිට ඇති වෙලා තියෙන මේ සෙනෙහසේ සබැඳියාව වචනයෙන් පවා විස්කර කල නොහැකි වුවක්. ලාල් අය්යා මේ පුංචි සුරතල් වඳුරු පැටියට ” චූටි ” කියලා නම් තබනවා.

  

ලාල් අය්යා කියලා අපි ආදරයට ඔහුට කිවාට ඔහුගේ නියම නම ලාල් අප්පුහාමි. 53 හැවිරිදි ඔහු අවිවාහකයෙක්. ඔහුගේ නිවස පිහිටි බන්දුල මාර්කට් එක සමීපයේම ඔහු ස්වයං ව්‍යාපාරයක් කර තම ජීවිකාව සරි කර ගනී.මීගමුව ශාන්ත මරියා පාසලින් අධ්‍යාපනය ලැබු ලාල් අය්යා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්.ඔහු විසින් අඳින ලද චිත්‍ර වලද වැඩිපුරම ඇත්තේ සත්ව රූප වීමද විශේෂත්වයකි.ඒ නිසා ලාල් අය්යා යනු වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම සත්ව ලෝලියෙක් ලෙස නම් කල හැකිය.

මෑතකදී කවුරුන් හෝ කරන ලද පැමිණිල්ලක් මත කොළඹ සිට වනජීවී නිලධාරීන් කන්ඩායමක් චුටි ව රැගෙන යාමට පැමිණ තිබුනා. ඒ නිලධාරීන් ලාල් අය්යාට චෝදනා කලේ ඔහු ⁣ චුටිව බලෙන් කූඩු කරගෙන ඇති කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. එහි දි ලාල් අය්යා පවසා ඇත්තේ තමා මෙම සතාව කූඩු කර බලෙන් රඳවා තබා ගෙන නොමැති බවත් මේ සුරතලා තමා හැර නොයන බවත්ය.එහිදී එම නිලධාරීන්⁣ගේ අතට යමින් සුරතල් වු චුටි පසුව ලාල් අය්යාගේ අත්ල මත සුරතල් වන ආකාරය දුටු එම නිලධාරීන් පවසා ඇත්තේ චුටිට අවශ්‍ය රැකවරණය , පෝෂණය සහ ආදරය ඇත්තේ ලාල් අය්යා ගාව පමනක් බවයි.

චුටි ඉතා ආශාවෙන් පැනයමින් සෙල්ලම් කල මේ ස්ථානයේ තිබෙන වසර පනහකට අධික ඉතිහාසයක් ඇති සුවිශාල බෝ ගස ද මේ වන විට කිසියම් පිරිසක් විසින් කපා දමා තිබේ.

අද වන විට මීගමුව නගරයේ මෙන්ම පිට ප්‍රදේශ වලින්ද චුටිව බලන්න පවුල් පිටින් පැමිණෙනවා. ඔබ තවමත් චුටිව බලන්න ගියේ නැතිනම් බන්දුල මාර්ක⁣ට් එකට එළවලු ගන්න ගිය වෙලාවක හරි ⁣ ඔබේ කුඩා දරුවන් එක්ක ගිහිල්ලා චුටිව බලලා චුටිව ටිකක් හුරතල් කරලා එන්න අමතක කරන්න එපා. චුටි ඒ තරමටම මිනිස්සුන්ට හරි ආදරෙයි.විශේෂයෙන්ම එයාව බලන්න එන කුඩා දරුවන්ට එයා හරිම ලෙන්ගතුයි. එයාගෙන් කාටවත් කරදරයක් හිංසාවක්, පීඩාවක් නැහැ.එයා ඒ තරමටම මිනිස්සුන්ට හරි ලෙන්ගතු සුරත⁣ලෙක්.

තුෂාර රොහාන් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article