spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාවුක හමුදා කල්ලියකින් අතුරුදහන් කළ 11 දෙනාට යුක්තිය ඉටුකරනු !

Must read

2008 වර්ෂයේදී  නාවුක හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පුද්ගලයන් 11 දෙනෙකුව පැහැරගෙන ගොස් අතුරුදහන්කරවීම සම්බන්ධ නඩුව මහේස්ත්‍රාත් අධිකරනයේදි විභාග වෙමින් පැවති අතර  2020 දී මෙම නඩුව ත්‍රී පුද්ගල අධිකරණයකට යොමු කරන ලදී.
මෙම පැහැරගැනීම් සම්බන්ධ නඩුවේ චෝදනා 667ක් ගොනු කර තිබෙන අතර ,විත්තිකරුවන් 14 දෙනෙකු නම්කොට ඇත. මෙහි අවසාන විත්තිකරු ලෙස හිටපු නිතිපති විසින් ( වර්තමාන අගවිනිසුරු) නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ  නම්කරන ලදි. මේ සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩ විසින්  ඔහුගේ විරෝධය දක්වමින්  ඉහළ අධිකරනයේ නඩුවක් ගොනුකොට ඇත.

මෙම නේවි කම්පම් කල්ලිය සම්බන්ධ නඩුව ආරම්භ වන්නේ  හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින්   පුද්ගලික කරුණක් මත  කරන ලද පැමිනිල්ලකට අනුවයි.
මේ වනවිට මෙම නඩුවේ කිසිඳු ඉදිරි ක්‍රියාමාර්ගයක් සිඳුවී නොමැති අතර වසර 03 ක නඩු විභාගයක් සිදුවී නොමැත. මෙම නඩුවේ තවත් නඩුවාරයක් හෙට (30) කොළඹ දී පැවැත්වීමට නියමිත අතර දෙමාපියන් පවසන්නේ හෙට දිනයේදිද වින්ඳිතයින්ගේ පාර්ශවයට සාධාරනයක් ඉටුවනු බවට බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.
මේ වනවිට මෙම නඩුවට සම්බන්ධ දෙමාපියන් දෙදෙනෙකු මියගොස් තිබේ.

අද (29) පෙරවරුවේදී  අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද කොළඹ උසාවි සංකිර්නය ආසන්නයේ සාමකාමි විරෝධයක් දක්වමින් මෙම අතුරුදහන්වූ පුද්ගලයන් 11 දෙනා සම්බන්ධ නඩුවිභාගයට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා සිටින ලදි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article