නීතියට වෙට්ටු දැමු ගොඩනැගිලි ,හිටපු කොමසාරිස් සහ මාලිමාවේ ලිට්මස් ටෙස්ට් එක ?

0
617

මීගමුව නගර මධ්‍යයේ ඉදිකෙරෙමින් පවතින දිනපතා පොළ අසල පිහිටි තෙමහල් ගොඩනැගිල්ල නිතියට වෙට්ටු දමා ඉඳිකරන්නට ආදල ව්‍යාපාරිකයා ඉඩකඩ ලබා දි තිබුන ප්‍රධාන කෙනා වන්නේ හිටපු කොමසාරිස්වරයෙකු වන ලක්ෂමන් නැමැත්තා බවට දැනටමත් චෝදනා එල්ල වෙමින් තිබේ.

නගරසභාවේ ෆලැස්ලයිට් ගෙදර ඉදිරිපිටටත් සවිකරගත් කුප්‍රකට නිලධාරියා ?

ගමේ කමේ හයියද ගෙන අදාල ව්‍යාපාරිකයා ලක්ෂ්මන් නැමැති කුප්‍රකට හිටපු කොමසාරිස් මගින් සිය උවමනාවන් ඉටුකරගෙන තිබුණි.

රද්දොළුවේ  පිහිටි හිටපු කොමසාරිස්වරයාගේ නිවස ඉදිරිපිටට නගර සභාවට අයත් ෆලැස්ලයිට් පවා අයථා ආකාරයෙන් සවිකරගත් කුප්‍රකටනිලධාරියෙකු නගරයේ ගොඩනැගිලිවලින් කොයිතරම් නම් ගසාකන්නට ඇතිදැයි අමුතුවෙන් කිව යුතු නැත.
IMG 20250624 123927

නගර සැලැසුම්කරණ නිලධාරිණිය විසින් පවා සිය නොඑකඟාතා මේ පිළිබදව පළකර තිබුණ බවද සැලය.
කෙසේ වෙතත් අදාල ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව ඒ සදහා අනුමැතිය ගත යුතුව තිබුනේ නාගරික සංවර්ධන අධිකාරියෙනි.
නිති නැමිලි හංගා ගැහිලි මේ සමඟින්ම ක්‍රියාත්මකව ඇති බව නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රි මණ්ඩලය විසින් කරනු ලැබ නිරික්ෂණයන්ගෙන් පැහැදිලි වන්නට පටන් ගෙන තිබේ.

වංගු ගැහැලි නිති නැමිලි ඔස්තාර් කව්ද ?

මෙම ගොඩනැගිල්ලට අදාල වංගු ගැහිම් නිතිය නැමිලි ආයථා වැඩ මිගමුවේ හිටපු ජේෂ්ඨ මන්ත්‍රිවරකුගෙන් කරන ලද විමසිමකදි අංක එකටම කියවුන නම වි තිබුනේ හිටපු කොමසාරිස්වරියා සහ තවත් අය කිප දෙනෙකු ගැනය.ඩඩ්ලි මාර්කට් 696x522 1

නීතිය හමුවට අනිවාර්යෙන්ම ගෙන ආ යුතු මිගමු මහනගර සභාවේ නිලධාරින් කව්ද ? 

නගර සැලසුම් නිලධාරිණියට අදාල වංගු ගැසිම් ගැන චෝදනා නැතත් ඇතැම් වැඩ පමා කිරිම් ඇතුළු වෙනත් කරුණු සම්බන්ධයෙන් ඇයටද ඇතැම් චෝදනා එල්ලවි ඇති බව කියැවුන අතර විශේෂයෙන්ම හිටපු කොමසාරිස් ලක්ෂමන් මෙන්ම ප්‍රධාන ඉජිනේරුවරයාද  අනිවාර්යෙන්ම නිතියට හමුවට ගෙන ආ යුතු බරපතල සිදුවිමක් ලෙසින් දැනටමත් මතුව  ඇති ඩඩලි සේනනායක වෙළද සැල් ගොඩනැගිල්ල සුදුසුකම් නැති අසාදු ලේඛන ගත කළයුතු කොත්ත්‍රාත් සමාගමක් වෙත පැවරිමට ගෙන ඇති තිරණය ඉතා පැහැදිලි  ඉදිරියට පැමිණ ඇතැයිද කියා සිටියේය

එමෙන්ම මේ සම්බන්ධයෙන් ගොඩනැගිලි සහ නගර සැලසුම් ක්ෂේත්‍රේ අයටද දැනටමත් කැලලක් ඇති වි තිබෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය .

මේ අනුව දැන් මාලිමාවේ ලිට්මස් පරික්ෂණ ලෙසින් මේ ගොඩනැගිලි  දෙක අනවසර ඉදිරිකිරිම් රැසක් සම්බන්ධයෙන් ගනු ලබන නිසි ක්‍රියාමාර්ග මුලික වි ඇතැ බව නම් ඉතා පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here