නියෝජ්‍ය ඇමති බබා ගැන නොවෙයි මගේ ප්‍රශ්නය…?

0
61

මේ චතුරංග අබේසිංහ කියන නියෝජ්‍ය ඇමති බබා ගැන නොවෙයි මගේ ප්‍රශ්නය. වත්මන් ආණ්ඩුව යටතේ පොලීසිය කෙතරම් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන.

පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයේ අය කුඩු සහ කසිප්පු, අරක්කු ආදිය බෙදුවා කියලා කියන්නේ රජයේ පිළිගත් නියෝජ්‍ය ඇමති කෙනෙක්. මෙය දුටු සැනින් පොලීසිය අඩුම තරමින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේද යන්නයි මගේ ප්‍රශ්නය. සමාජයටත් ආණ්ඩුවටත් කුඩු වගේ දේවල් මේ වන විට මහා හිසරදයක්.

ඇමති බබා දැන් මෙහෙම කිව්වට ඒ කුඩු බෙදන සහ බොන්න දෙන වෙලාවලදි වැරදිකරුවන් ගැන පොලිසියට දැනුම් දෙන්න වැඩකරලා නෑ. ඒ අනුව මෙයා වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට පිටින් වැඩකරන කෙනෙක්.

ඒ වගේම චතුරංග මේ කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගැන. එහි ප්‍රධාන විපක්ෂය වන සජබ සංවිධායකවරයා ආචාර්ය හර්ෂ ද සිල්වා. මේ කියන විදියට ඔහු හෝ ඔහුගේ අපේක්ෂකයනුත් කුඩු බෙදලා, බොන්න දීලා තමයි ඡන්දේ කරලා තියෙන්නේ.

(මහින්ද අබේසිංහගේ ⁣ෆේස්බුක් පි⁣ටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here