spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිලදරුවන්ට නොඇසෙන බෙහෙත් පෝලිමේ රෝගීන්ගේ අදෝනාව …..

Must read

NGB hospital

මීගමුව මහ  රෝහලේ   බෙහෙත්   ලබාගැනීම  උදෙසා   විශාල  කැපකිරීමක්
කිරීමට  අසරණ  රෝගීන්ට  සිදුවී  ඇත.  මෙහි  ඇති  තරප්පු  පෙළවල්   දෙකක්
පසුකර  ගමන්  කළ  පසු  පිරිසකට  ඉද  ගැනීමට  අසුන්  තිබුනද  රෝගීන්  ගේ
ප්‍රමාණය  අනුව  ඒවා  ප්‍රමාණවත්  නොවේ.  මේ  අනුව  විශාල  පිරිසකට
හිටගෙන   සිටීමට  සිදුවේ.  මෙසේ  සිටින  අතරතුර  එකිනෙකා  කතාබහ  කරන්නේ
මොනවාදැයි   කන්දී  සිටියහොත්   ඔවුන්  කොතරම්  වේදනාවට  පත්ව
සිටින්නේදැයි  අවබෝධ  කරගත  හැක.අපමීට  පෙරද  මේපිළිබදව   සදහන්  කර  ඇති
නමුත්  මේවායේ  වෙනසක්  නැත.

පෝලිමේ  සිටින  රෝගීන්  දොස්  නගන  එක්  ප්‍රධාන  කරුණක්  වන්නේ
බෙහෙත්  ලබා  ගැනීම  උදෙසා  Staff  යැයි  පවසමින්   පැමිණෙන  රෝහලේම
සේවය  කරන  අය  නිසා  ඔවුන්ට  සිදුවන  අසාධාරණයයි.  එක්  අයෙකු  වැඩි
වාර  ගනනක්  පැමිණ  බෙහෙත්  ගන්නා  බවත්,  ඒනිසා  තමන්ට  සිදුවන
අසාධාරණය   කිසිවෙකුට   නොපෙනෙන  බවත්   ඔවුන්    පවසයි.  සමහරු    උදේ
පාන්දර  3.00ට  පැමිණි  බව  පවසයි .  තව  කෙනෙක්  උදේ  5.00 ට  පැමිණි
බව  පවසයි.  එවිට  ගතවන  කාලය  අනුව   ඇතිවන  ප්‍රතිඵලය  වන්නේ  මේ
නිසාම  ඔවුන්ගේ  රෝගී   තත්වය  තවතවත්  උග්‍ර වීමයි.  දුර බැහැර  සිට
පවා   එසේ  පැමිණි   රෝගීන්  සවස  3 ,  4  වනතුරුත්  පෝලිමේ  සිටී.
කුසගින්න   විදදරා  ගනියි.  එහි  ප්‍රතිඵලය  වන්නේ  ගෑස්ට්‍රයිටීස්  වැනි
රෝග  ඇති අයට  එය  වර්ධනය  වීමට  හේතුවක්  වන  බවයි.  සමහර  දිනවල   එක
කවුළුවකින්    පමණක්  බෙහෙත්   ලබාදෙන  අතර   යම්  කිසි  අයෙක්   මේ  ගැන
දොස්  තබන විට  පමණක්  අනෙක්  කවුළු  තුලින්ද   බෙහෙත්  දීම  ආරම්භ  කරන
බව  මේ  අය  පවසයි.  සෙනග  අතරින්  අයෙකු  දොස්    නැගූ  නිසා   මෙම
කවුළු  විවෘත  වන්නේනම්   මේ  සදහා  පාලනයක්  අවශ්‍ය  නොවේ  යැයි  යමෙකුට
කිව  හැක.  කෙසේ  නමුත්   මෙම  සියළු  දේවල්   තුලින්   පීඩාවට  පත් වන
රෝගීන්  එකිනෙකා  සමග  පවතින  අසාධාරණය  ගැන  හොරෙන්  හොරෙන්  සාකච්ඡා
කළද   දිනෙක  එය   සියළු  බලධාරීන්  අවධි  කරවන  මහ  හඩක්  බවට  පත්වනු
ඇතැයි  අප  විශ්වාස  කරන්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article