spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නීති විරෝධි ලෙස උසස් පෙළ ලිවීමට ඉඩදීම නිසා විදුහල්පතිගේ වැඩ තහනම්

Must read

20160827_122329(1)පිට පළාත්වල සිසුන්ට උසස් පෙළ විභාගය සඳහා නීති විරෝධි ලෙස තම පාසැලෙන් පෙනි සිටිමට ඉඩ සලසා දීම සම්බන්ධයෙන්  19 දා සිට හලාවත සාන්ත බර්ණදෙත් පාසැලේ විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කල බව වයඹ පළාත් අධ්‍යපන අධ්‍යක්ෂ ජේ ජි එන් තිලකරත්න මහතා පැවසිය.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ හලාවත බර්ණදෙත් පාසැලේ විදුහල්පතිවරයාව වන අතර ඉකුත් අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට පුත්තලම් දිස්ත්‍රි ක්කයේ පදිංචි නොවු සිසුන් 12 ක් සඳහා විභාග චක්‍රලේඛණ උල්ලංඝණය කරමින් එම පාසැලේ සිසුන් ලෙස ළියාපදිංචි කර විභාගයට පෙනි සිටිමට ඉඩ ලබාදීම නිසා මෙම තිරණය ගෙන ඇත.
කුරුණගල කොළඹ හා ගම්පහ යන ප්‍රදේශවල පදිංචි සිසුන් සඳහා මෙලෙස නීති විරෝධි ලෙස විභාගයට පෙනි සිටිමට ඉඩ ලබා දි ඇතැයි ඔහු වැඩි දුරටත් කීය මෙයට පෙර මෙම කොට්ටරාමුල්ල අල්හිරා පාසැලේ විදුහල්පතිවරයාගේද විභාග වංචාවන්ට ඉඩ ලබාදීම නිසා වැඩ තහනම් කල බවත් වෙන්නප්පුව අධ්‍යපන කොට්ඨාසයේ ප්‍රධාන පෙලේ පාසැල් 3 ක් හා හලාවත අධ්‍යපන කොට්ටාසයේ පාසැලක් සම්බන්ධව ලැබු පැමිණිලි මත පරික්ෂණ සිදු කරමින් සිටින බව අධ්‍යපන අධ්‍යක්ෂවරයා පවසන ලදී.
වයඹ පළාතේ දුෂ්කර ප්‍රදේශවල සිටින දරුවන්ගේ අධ්‍යපන අයිතිය තහවුරු කිරිම සඳහා ගත් මෙම ක්‍රියාමාර්ග ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් නීති විරෝධි ලෙස කටයුතු කර ඇති විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා පරික්ෂණ සිදු කරන බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කීය

චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article