spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නේපාලයේ පුරවැසි මාධ්‍යකරණයේ විප්ලවය.

Must read

Nepalෙන්පාලයේ  අග්‍රාමාත්‍ය බබුරාම භත්තරායි (Baburam Bhattarai) මහතාගේ නිවස පසුගිය දිනවල විරෝධතාකරැවන්ගෙන් පිරී පැවතුණා.
මෙලෙස ඔවුන් එක්රැස් වී සිටියේ විදේශගතව සේවය කරන නේපාල ජාතික කාන්තාවක් නැවත සිය රටට පැමිණීමෙ දී එරට ආගමන නිලධාරීන් විසින්  දූෂණය කිරීම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලීමටයි. නේපාලය තුල එරට කාන්තාවන්ට එරෙහිව සිදුවන මෙවැනි ප්‍රචණඩ ක්‍රියා ඔවුන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් ඒ පිලිබඳව අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වී තිබෙනවා.

නේපාලය තුල අන්තර්ජාලයේ පැතිරීම සහ අන්තර්ජාලයට පිවිසිය හැකි සංඛ්‍යාව එරට තුලවැඩිවීම නිසා නේපාලය මේ දිනවල සමාජ මාධ්‍ය විප්ලවයක් අත්දකිමින් සිටිනවා.ඒරට විදුලි සංෙද්ශ බලධාරීන් පවසන පරිදි 2012 වසෙර්දී ඒරට ජනගහනෙයන් අන්තර්ජාල පහසුකම් සහිත සංඛ්‍යාව 18.28% වන නමුත් 2010 වසෙර්දී ඒම සංඛයාව පැවතිෙය් 3.69% මට්ටෙම්ය. බ්ෙලාග් අඩවි නිර්මාණයට අවස්ථාව සලසන www.bloggers.com.np වෙබ් අඩවියේ සටහන්ව ඇති ආකාරයට නේපාලයේ ආරම්භ වී ඇති බ්ලොග් අඩවි ගණන 1500ක් පමණ වනවා.එලෙසම එරට ප්‍රෙද්ශීය මාධ්‍ය සංවිධනයක වෙබ් අඩවියක් වන Meroreport.net පවසන පරිදි එරටින් බිහිවී ඇති බ්ලොග් අඩවි ගණන 1200ක් පමණ වනවා.ඔවුන්ගෙන් බහුතරය වාර්ථාවන්නේ කත්මන්ඩු අගනුවරින් පිටත දුෂකර ප්‍රෙද්ශ වලිනුයි. මෙලෙස  රටේ දුෂකර පලාත් වල පුවත් රටේ සියලුම ජනතාවගෙ අවධානයට ලක්වන ලෙස ඉදිරිපත් කිරීමට මෙම සමාජ මාධ්‍ය සහ එරට පුරවැසිමාධ්‍යකරණය ඉතා වැදගත් කාර්‍යයක් ඉටුකරනවා.

එරට බ්ලොග් අඩවි නිර්මාතෘවරයෙක් වන සප්කොටා (Kaushal Raj Sapkota) පවසන්නේ සමාජ මාධ්‍යකරණය සම්ප්‍රධායික මාධ්‍යකරණයට සාපයක් ලෙස සැලකූවත් එය අනෙක් සෑම දෙයටම ඌනපූර්ණයක් නොව අනෙක් සෑම දෙයකටම ආදේශනයක් බවයි. එලෙසම මෙය මාධ්‍යකරණයට ඉතා වැදගත් මාධ්‍යවේදීන් බිහිවීමට උදව් වන බවත් ඔහු පවසනවා.

එලෙසම රෑපවාහිනී වාර්ථාකරැවෙකු වන රාජ්නේශ් බන්ධාරී (Rajneesh Bhandari) විසින් the e-book Living with Autism ලෙස තමන්ගේ පෞද්ගලික වාර්ථාවක් සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කර තිබුනා. එහිදී ඔහු පවසා තිබුනේ ඔටිසම් (Autism) යනු ලෝකයේම සැලකිල්ලට බදුන් වන කරැණක් වුවත් නේපාල වැසියන්ගේ ඒ පිලිබඳව ඇති දැනුම ඉතාම අඩු බවත් ප්‍රධාන පෙලේ මාධ්‍ය හා රජය මේ පිලිබඳව කිසිවක් නොකරන බවත් එම නිසා මේ පිලිබඳව ජනතාවට බලපෑමක් කල හැකි මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය තමන් තෝරා ගත් බවත් ඔහු පවසනවා.

එම නිසා රටේ ප්‍රධාන පෙලේ මාධ්‍යන්ගේ සහ රජයේ අවධානයට ලක් නොවන පුවත් සහ ඇතැම් කාරණා ජනතාවගේ අවධානයට ලක් කිරීමට මෙම පුරවැසිමාධ්‍යකරණය සහ සමාජ මාධ්‍ය විශාල කාර්‍යයක් නේපාලය තුල මෙලෙස ඉටු කරනවා.

(ග්ලොබල් වොයිස් ඇසුරෙනි)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article