spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නොසලකා හරින ලද ‘අලියා පොළ ‘ වෙළඳ සංකීර්ණය

Must read

????????????????????????????????????

මීගමුව – මුන්නක්කරයේ පිහිටි අලියාපොළ වෙළඳ  සංකීර්ණය නගර සභාව විසින් පිහිටවනු  ලැබුවේ  2008 වර්ෂයේදී  වන අතර මෙම ස්ථානයේ ෙඓතිහාසික වටිනාකමක් ඇති බව පැරැන්නෝ පවසති.
ධිවර ගම්මානයක් ලෙස අද වුවද මෙහි ආර්ථික කටයුතු සිදුවන ප්‍රධාන  මධ්‍යස්ථානය වන්නේ මෙම අලියා පොළයි.
මෙම ස්ථානය මීගමුව නගර සභාව විසින් ඉදිකරන්නේ එක පැත්තක උත්සව සඳහා අවශ්‍ය  ශාලාවක් සහ  අනෙක් පස එනම් ශාන්ත නිකුලා පාරට මුහුණලා  කඩකාමර සහ ආර්ථික ක්‍රියාවලියකට අදාළ ගොඩනැගිල්ලක අවශ්‍යතා සපුරාලීමටය. උත්සව ශාලාවේ  කටයුතු බලාකියා ගැනීමට පුද්ගලයෙකු සිටියද අප සඳහන් කරන වෙළඳාම් කටයුතු සඳහා වූ කොටස සඳහා  නඩත්තු කිරීම සඳහා  වැඩපිළිවෙලක් නොමැත.
මෙම ස්ථානයේ මාළු සහ එළවලු වෙළෙන්දියන් 15 දෙනෙකු පමණ වෙළඳාම් කරති.  කුඩාවට ලී හරස් කොට තැනූ  තාවකාලික වහලවල්  යට ද තවත් සමහරු පොළ ඉදිරිපස පාරේද කරනු ලබයි.
මාළු වෙළෙන්දියක් වූ ඉමෙල්ඩා (65), මරිය රංජනී (62) මේ  සිසිලියා, (60) කොන්සි ලීටා (74) ඩේසි රාජිනී ( 51)  යන අය අදහස් දක්වමින් කියා සිටියේ  මෙම අලියාපොළේ වතුර පහසුකම් නොමැති නිසා  මාළු විකිණීමේදී ඉතා අපහසු තත්ත්වයකට පත්වන බවයි. බීමට ජලය ගෙදරින් ගෙනෙන බවත් තිඛෙන කඩ කාමර අපිරිසිඳු   නිසාත් නඩත්තුවක් නැති නිසාත් සුනඛයන්ගේ වාස භූමි බවට පත්ව ඇති බවයි. කැඩුණ බිඳුන ලී කැබලි ,බෝතල්ආදිය තැනින් තැන ගොඩ ගසා තිඛේ.  මේවා මෙලෙස සිදුවන්නේ නම් නගර සභාවක් කුමට දැයි ජනතාව විමසති.DSC_0004 - Copy

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article