spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පණ ගැහෙන හොර මාපියාවක සළකුණක් මීගමුවෙන්…

Must read

මීගමුව  නගරය  ආඩම්බර විය හැකි ඉතිහාසයක් සනිටුහන් කළ නගරයක් වුවද  අදවන විට  මේ නගරයට කළු පැල්ලමක් සටහන් කරන කරුණුද එකතු වන බවට තොරතුරු ලැබෙමින් පවතී . 
 වසර ගනනාවකට පෙර  නගරයේ ව්‍යාපාර කටයුතු  සිදුවී ඇත්තේ ඉතා සාමකාමී පරිසරයකය. හොර මැරකම් වලින් තොරව සාධාරණව සහ සුළුවෙන් ආරම්භ කළ ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාර  දිනෙන් දින දියුණුවේ ඉහළට ගියාසේම ඒ අනුව  නගරය තුළ නමක් දිනාගැනීමටද ඔවුන්ට හැකියාවක් ලැබිණ . බන්දුල  , කැල්ටන්  , න⁣යෝමි,කැප්ටන් ,රන්කා  වැනි නාමයන් අදටත් මේ නගරය තුළ පවතින්නේ ඒ හේතුවෙනි.

දියුණුව යනු ඕනෑම ආකාරයකින් මුදල් හොයාගෙන එකවර ධනපතියකු බවට පත්වන ක්‍රමයක් නොවේ. නමුත් මේ නගරයේ එලෙස එකවර මතුවූ ධනපතියන් ගැන නගරවාසීන් නොදන්නවා නොවේ.

විශේෂයෙන් මීගමුවට පිටතින් පැමිණි සමහර ව්‍යාපාරිකයින් තමන්ගේ පිටතින් කෙරෙන කටයුත්තට අමතරව ⁣රහසේ වෙනත් හොර මගඩියක්ද කරමින් හොර රහසේ මුදල් හොයන ක්‍රම අත්හදා බලති. අද වනවිට හතු පිපෙන්නාසේ එසේ බිහිවී ඇති එම ව්‍යාපාර ගැන නගරවාසීන් බහුතරයක් නොදන්නා නමුත් ඒවා හඳුනා ගැනීම අපහසු නැත .

අද මීගමුවේ රන්භාණ්ඩ සාප්පු , හාඩ්වෙයාර්, ලිපිද්‍රව්‍ය, කෑම වර්ග වැනි දෑ සපයන වෙළඳ ව්‍යාපාර පවතින අතර මේවා අතර විදේශ ගුවන් ටිකට් පත් වැනි දෑද අලෙවි කරන ආයතනද ඇත .මේවා අතර සමහර ඒවා හොර මැරකම් වලින් තොරව පවත්වා ගෙන යන නමුත් සමහර ආයතන එසේ නොවන බව ජනතාවට රහසක්ද නොවේ.



පිටතින් සීනිබෝල පෙන්වා ඇතුලෙන් අරක්කු විකුණන ස්ථානද අපි මාධ්‍ය තුළින් දැක්කෙමු .



මෙම ව්‍යාපාර කරවන අය පිටතින් මහත්තුරු සේ පෙනුනද, ඇතුලතින් හොරකම සමග මැරකමද නඩත්තු කරන අය බව පෙනේ. මේවා සඳහා ප්‍රදේශයේ කලු රජවරුන් සේ රගන දේශපාලකයන්ගේ අනුදැනුමද ලැබෙන බවත් , එ් හයිය තුළින් මේ අය තමන්ට එරෙහි වන්නන් යටපත් කරමින් තමන්ගේ ජාවාරම් පවත්වා ගෙන යන බවටත් තොරතුරු ලැබේ. තමන් ගිවිසුම් ගතව ලබාගත් ව්‍යාපාරික ස්ථානයකට කුලි නොගෙවා චණ්ඩි පාට් දමමින් කටයුතු කරන වෙන්නප්පුවේ මිගමුව පැමිණි ව්‍යාපාරිකයෙකු ගැන අප වෙත තොරතුරු ලැබි තිබේ.
ඉදිරි දිනකදි විස්තරාත්මක ඒවා හෙළිකර සිටින්‌නේ මිගමුවේ ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරගැනිමටය.


කෙසේ නමුත් මේවා පිළිබඳව අවධියෙන් සිටින ලෙස අප ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article