එක්තරා පත්තරයක දැන්වීම් තීරුවෙහි දැන්වීමක් පලකරමින් වංචාවෙන් මුදල් හම්බකිරීමේ ජාවාරමක් ගැන රෝහල් කාර්‍යමණ්ඩලයේ මහත්මියක් අපට පැවසීය . මෙය ඇය මුහුණ දුන් අත්දැකීමකි. කටුනායක ගුවන්තොටුපළේ ස්ථිර රැකියාවකට බඳවා ගන්නා බව පවසා එන අයගේ තොරතුරු අසා රු. 1000/ ක මුදලක් රැගෙන නැවත දැනුම් දෙන බවට ප්‍රකාශ කරමින් හොර ජාවාරමක් කරගෙන යන මෙම කල්ලිය හෙලිදරව් කළයුතු බව ඇය පවසයි .
මොවුන් මෙම ජාවාරම කලක සිට ක්‍රියාත්මක කරන බව පැහැදිළි බව ඇය පවසයි . එම පත්තර පිටුව තුළින් වුවද එකී හොර ජාවාරම ගැන පැහැදිළිය. එබැවින් අප ජනතාවට ප්‍රකාශ කරන්නේ මෙවැනි හොර කල්ලි පිළිබඳව අවධාණයෙන් සිට ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට , අදාල ආරක්ෂක අංශවලට සහාය වන ලෙසයි .
මෙය සිදුව ඇත්තේ වසරකට පමණ පෙරය. නැවත ලංකාදීප පුවත් පතේ දැන්වීමක් පලකර ඇත . දැන් ස්ථානය ලෙස දක්වා සිටින්නේ නිට්ටඹුවයි. මෙවැනි අඩු සුදුසුකම් සඳහා රු. 45000/ වේතනයක් ලැබීමත් , ඒසඳහා ඉල්ලුම් කරන අය ගෙන්වා රු. 1000/ මුදලක් අයකිරීමත් ඉක්මනින්ම සොයා බලා පියවරක් ගන්නා ලෙස අදාල බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු.