spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුරතල් මසුන් ඇති කරන ටැංකියක තිබිය යුතු සාධක 7ක්

Must read

අප බොහෝ දෙනා සුරතල් සතුන් ඇති කරති. විඩාබර මනසට සුවයක් ලබා ගැනීමට එය කදිම ඔසුවකි. ව්‍යාපාරයක් ‍ලෙස හෝ නිවසේ සුරතල් මසුන් ඇති කිරීමේදී මෙම කරුණු වැදගත් වේ. සුරතල් මසුන් ඇති කිරීමේදී අප අනුගමනය කළ යුතු කරුණු 7ක් පහත දැක්වේ.


2-Month-old-2-foot-tank-I-have-1-living-plant-t-DcTPO0

01. ජලයේ පවතින ඔක්සිජන් සාන්ද්‍රණය මසුන්ගේ පැවැත්මට විශාල බලපෑමක් සිදු කරයි. සාමාන්‍යයෙන් ජලය ලීටරයකට ඔක්සිජන් මිලිග්‍රෑම් 5කට වැඩි අගයක් තිබීම මසුන් සඳහා වැදගත්ය.


02. ජලයේ ඇති භාෂ්මික හා ආම්ලික අගය පරාසය සමතුලිතව රඳවා ගැනීමට එය නිරතුරුවම පරීක්‍ෂා කර බැලීම කළ යුතු වේ. සාමාන්‍යයෙන් දවසේ කාලගුණය අනුව එය වෙනස් අගයක් ගත්තද දළ වශයෙන් ph අගය 6.5 – 8.5 දක්වා පරාසයක තිබීම වැදගත් වේ.


03. ජලයේ උෂ්ණත්වය වැඩි වනවිට ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වේ. ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වනවිට මසුන් අපහසුතාවට ලක්වී අසීරුවෙන් ටැංකිය තුළ හැසිරෙන අයුරු දැකිය හැකිය. එවැනි අවස්ථාවලදී ජල පෙරණය අසලට මසුන් රැස් වීම හෝ ජල පෘෂ්ඨයේ මතුපිට ආසන්නට පැමිණ සිට අයුරුත් දැකිය හැකියි.


04. මේ ආකාරයෙන් ජල ටැංකියක ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීම නිසා මසුන්ගේ වර්ධනය බාල වීමක්, විවිධ රෝගවලට ගොදුරු වීමක්, ප්‍රජනන ඌනතාවලට මුහුණ දීම හා කරමල්වලට හානි වීමටත් ඉඩ ඇත.


05. මසුන්ගේ විවිධ රෝගවලටද හේතු වන මෙම කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය පාලනය කිරීමට හොඳින් ජලය වාතනය කිරීමත්, ජල පෙරහන් තුළින් වැටීමට සැලැස්වීම තුළින් පාලනය කළ හැකි වේ. ජලයේ පවතින කැල්සියම් හා මැග්නීසියම් අයන ප්‍රමාණයද යම් දුරකට මසුන්ගේ පැවැත්මට බලපෑමක් සිදු කරයි.


06. මසුන් වැඩිපුර සිටින ටැංකිවලට ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වූ විට මේ තත්ත්වය දැඩි ලෙස බලපාන අතර, ටැංකියේ ඉතිරි වන අපද්‍රව්‍ය කොටස් හා රොඩු බහුල වීමත් ඔක්සිජන් යන්ත්‍ර ක්‍රියා විරහිත වීමත් ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීමට හේතු වේ.


07. අප බෝ කරනු ලබන මසුන්ගේ ටැංකි තුළ උෂ්ණත්වය නියමිත පරාසයක පිහිටීම එම මසුන්ගේ වර්ධනයටත් පැවැත්මටත් ඍජු ලෙස බලපාන සාධක වේ. සෙල්සියස් අංශක 25-30 දක්වා වු පරාසයක උෂ්ණත්වය පැවතීමත් එය පාලනය සඳහා හීටරයක් භාවිතයෙන් එය මැන බැලීමක් කළ හැකිය.
ada.lk

Goldfish-Tank

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article