spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරිසරය විනාශකරන ධනකුවේරයන්ගෙන් සල්ලි ගත්තු ජාඇල එජාප දේශපාලකයන් කව්ද ?

Must read

රංජජා ඇල දඩුගම මුතුරාජවෙල තෙත් බිමට අයත් ප්‍රදේශයක් අනවසරයෙන්  ගොඩ කිරීමට විරුද්ධව ඊයේ  (15) පෙරවරුවේ ජා ඇළ දෙහිආගාත හන්දියේදී ජනතා උද්ඝෝෂණයක් පවත්වන්නට යෙදුණි.

මෙන්ම එහිදි අනවසර ගොඩ කිරීම් කටයුතු වල යෙදුණු අයගෙ නියෝජිතයන් යැයි කියන පිරිසක් උද්ඝෝෂණයේ යෙදුණු පිරිසට බාධා කළහ.

එම අවස්ථාවේ එහි පැමිණි නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා එම උද්ඝෝෂකයන් අමතමින් පවසා සිටියේ ජනාධිපති තුමා හා අගමැති තුමා මෙම පරිසර විනාශය ගැන සංවේදී බවත් අද උදේ ජනාධිපති තුමා විසින් තමන් වෙත කළ දැනුම් දීමකට අනුව මේ පිළිබඳ සොයා බලීමට මෙහි පැමිණි බවය.
තව දින 3-4කින් මේ අනවසර ගොඩ කළ පස් ඉවත් කිරීමට විශේෂ වැඩ පිලිවළක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපති තුමා තමන් හා පවසූ බවත් රංජන් රාමනායක මහතා පැවසීය.
එමෙන්ම ඔහු කියා සිටියේ පරිසරය විනාශකරන මෙවැනි ධනකුවේරයන්ගෙන් මුදල් අරගත්තු එජාප දේශපාලකයන්ද සිටින බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article