spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ත්‍රිරෝද රථ රියදුරන් ශිෂ්ඨසම්පන්න කිරිමට යහපාලනයට හැකිවෙයිද ?

Must read

3-weel-issue ත්‍රිරෝද රථ රියදුරන් විනය මාලාවක පිහිටුවා ශිෂ්ඨ සම්පන්න කිරිම සදහා ඉතාමත් වැදගත් නීති මාලාවක් දැන් යහපාලනය රජය විසින් ඉදිරිපත් කොට තිබේ.
රාජපක්ෂ පාලනයේ විනයක් නැති අශිෂ්ඨත්වය කරා වේගයෙන් යමින් සිටින සේවාවක් යළිත් ශිෂ්ඨ සම්පන්න කිරිම මෙහි අරමුණ බැව් පෙනේ.
බහුතරයක් මගි ජනයා මේ යෝජනා මාලාව පිළිබදව ඉතාමත් ප්‍රසාදයෙන් කථා කරනු පෙනේ.
පහත පළවන්නේ ලංකාදිප පුවත්පතේ පළව තිබුණ මේ විනය නිතිමාලාව පිළිබදව ලිපියකි.3weel

ත්‍රිරෝදවලට නීති මාලාවක්..!

මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන කුලී ත්‍රිරෝද රථ අයිතිකරුවන් හා රියදුරන් විසින් අනිවාර්යෙන් පිළිපැදිය යුතු නීති රීති මාලාවක් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් පනවනු ලැබ තිබේ.

ඒ අනුව සෑම ත්‍රිරෝද රථයකම ටැක්සි මීටරයක් හා වේගමානයක් සවිකර තිබිය යුතු අතර මගීන්ගෙන් මුදල් අයකර ගැනීමේදී රිසිට් පත්‍රයක් නිකුත් කිරීම අනිවාර්ය කර තිබේ. ත්‍රිරෝද රථ රියැදුරු විසින් මගීන්ට නිකුත් කරන රිසිට් පතෙහි ගමන් කල දුර, වාහන ලියාපදිංචි අංකය, අය කල ගාස්තුව හා දිනය සඳහන් කිරීම ද අනිවාර්ය කර තිබේ.

රියදුරු ආසනයේ වෙනත් මඟියෙකු රැගෙන යාම තහනම් වනඅතර අනෙකුත් වාහනවලට හෝ මඟීන්ට පීඩාවන ආකාරයේ ශබ්දයක් ඇති කරවන උපකරණයක් සවි නොකල යුතු අතර මඟීන් අවුවෙන් වැස්සෙන් ආරක්ෂා කිරීම සඳහා ආවරණ සවි කර තිබීම ද නව නීතියට අනුව අනිවාර්ය කර තිබේ.

මීට අමතරව ත්‍රිරෝද රථයක මඟී මැදිරියේ දකුණු පැත්තේ දොරටුව අර්ධ වශයෙන් හෝ පූර්ණව ස්ථීර වශයෙන් වසි තිබිය යුතු අතර ආසනවල ආධාරක සවි කර තිබිය යුතුය.

මීට අමතරව මඟීන්ට පැහැදිළිව පෙනෙන පරිදි අසුන පිටුපස ලියාපදිංචි අංකය, රියදුරුගේ නම, බලපත්‍ර අංකය, රියදුරුගේ ඡායාරූප, පොලිස් ස්ථානවල දුරකථන අංක ප්‍රදර්ශනය කල යුතුයි.

තවද නව නීතිවලට අනුව ත්‍රිරෝද රථ රියදුරන් ආචාර සම්පන්න ලෙස හැසිරිය යුතු අතර දුම්පානය නොකළ යුතුයි. මඟීන් ඉල්ලා සිටින්නේනම් හැර අඩුම කාලයක් තුල යා හැකි කෙටිම මාර්ග භාවිත කල යුතුයි.

මීට අමතරව මඟියකු යම් ද්‍රව්‍යයක් අතපසු කර තබා යන්නේද කියා මඟියා බසින අවස්ථාවේ රියැදුරු ත්‍රිරෝද රථය පරීක්ෂා කල යුතු බවද එවැනි අතපසුවූ පාර්සලයක් තිබේ නම් පොලිස් ස්ථානයට බාර දී පොලීසියෙන් රිසිට් පත්‍රයක් ලබා ගත යුතුය.

කිසිම ත්‍රිරෝද රථයක ඉදිරිපස හෝ පසුපස අකුරු හෝ ඉලක්කම්, කවි පද, ගී පද ආදිය සඳහන් කිරීමද නව නීති මඟින් තහනම් කර තිබේ.

සටහන – රංජන් කස්තුරි
ලංකාදීප | 2017-01-14

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article