වැල්ලවිදිය පල්ලියට අයත් යැයි කියන ඒ අනුව දේවස්ථාන කමිටුවක් විසින් ටෙන්ඩර් කර ඇති මීගමුවේ කොටුවපිට්ටනිය අසල ලෙල්ලමේ පරිභෝගිකයන් රවටමින් කරගෙන යන විවිධ මගඩි දැන් කලක පටන්ම සිදුවෙමින් තිබේ.
මේ පිළබද සමාජ මාධ්‍ය වල පවා දැන් කතා කරන්නටද පටන් ගෙන තිබේ.
හොරට කිරිල්ල එකකි.උඩින් පෙනුමට ඇති මාළු තබා යටින් තැලුනු මාළු දැමිම තවත් මගඩියකි.
පසුගිය සතියේදි තවත් මගඩියක් ගැන පාරිභෝගිකයන් පැමිණිලි කර තිබුණි.
කිලෝවක් රු 500කට යැයි කියා විකුණු හුරුල්ලන් උඩින් තබා යටින් සාලයන් අතුරා තිබිමද තවත් මගඩියකි..
මාකදුර ප්‍රදේශයේ සිට පැමිණි පිරිසකට මේ අකටයුත්තට මුහුණ දිමට සිදුව තිබුණි.
මේ සියල්ල නිසා සිදුවන්නේ මිගමුවට මාළු මිළදි ගැනිමට එන අයට මීගමු මාළු එපා කරවිමය.
මිගමුවේ මාළු මිළ ගණන් ගැන දිනපතා අප විසින් පළකරනු ලබන පුවත් වලට පොදුවේ ලැබෙන සෘණාත්මක ප්‍රතිචාරය වි තිබුනේ මිගමුවේ ඇත්තේ කුණු මාළු යනුවෙනි.
මෙය මිගමු මාළු යන brand එකටද වැදෙන මරු පහරකි.
මේ ගැන පල්ලිය මෙන්ම ටෙන්ඩර්කරුවන්ද දැඩි ලෙස මැදිහත්විය යුතු කාලය පැමිණ තිබේ.
සාලයා හුරුල්ලා ගැනවත් නිසි අවබෝධයක් නැති පාරිභෝගිකයන් මෙසේ සූරාකෑමට ලක්කිරිම සැබවින්ම පාපයකි.












