spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පසුගිය රිය අනතුරු අපට මෙසේ අනතුරු හඟවයි !

Must read

IMG-20200227-WA0005

රිය අනතුරක් සිදුවීමට සුළු ප්‍රමාදය ප්‍රමාණවත්ය. මේ අනුව සිදුවූ රිය අනතුරු කොතරම් සංඛ්‍යාවක් සිදුවී තිබේද? යන්න ගැන යම් අවබෝධයක් ලැබීම ඉතා වැදගත්ය. මේ අනුව මීගමු පොලීසියේ මාරක රිය අනතුරු පිලිබඳ ලිපිගොනු භාරව කටයුතු කරන සමන්ත බණ්ඩාර මහතාගෙන් ඒ පිළිබඳ විමසීමක් කළෙමි.
මෙහිදී මීගමු නගරයේ ස්ථාන කිහිපයකදී මාරක රිය අනතුරු සිදුවන ස්ථාන ලෙස සටහන් වී ඇත .
කොප්පරා හංදිය- මූලික රෝහල අතර සහ දළුපත කට්ටුව අතර ප්‍රධාන මාර්ගය මාරක රිය අනතුරු සඳහා වැඩි නැඹුරුවක් සහිත ස්ථාන ලෙස සටහන් වී ඇත .
එසේම ඉරිදා සිට බදාදා දක්වා අනතුරු වැඩි තත්වයක්ද , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා අඩු තත්වයක්ද සටහන් වේ. කෙසේ නමුත් 2018/ 01/01 සිට 12/ 31 දක්වා අදාල රිය අනතුරු ගැන මෙසේ සටහන් වේ.

*මාරක රිය අනතුරු -12
*බරපතල තුවාල රිය අනතුරු -47
*සුළු තුවාල රිය අනතුරු – 12
*අලාභ අනතුරු -42
මුළු ගනන = 113

2019 / 01/ 01 සිට 12/31 දක්වා

*මාරක – 14
*බරපතල තුවාල -28
*සුළු තුවාල -14
*අලාභ -20
මුළු ගනන -76

IMG-20200227-WA0004
මේ අනුව 2019 වසරේදී සමහර ඒවා අඩු වැඩි වුවද සමස්තයක් ලෙස අඩුවීමක් පෙන්නුම් කෙරේ.
මීගමුව පොලීසියේ රථවාහන අංශයට ඇතුළු වන ස්ථානයේ ඇති දැන්වීම් පුවරුවක මෙසේ දක්වා ඇත .

“මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධව නැවත නොපැමිණීමට වග බලාගන්න.” යනුවෙනි ඒ.
රිය අනතුරක් සිදුවීමට හේතු කිහිපයක් තිබිය හැක . ප්‍රධාන හේතුවක් ලෙස පොලීසිය දක්වා ඇත්තේ හදිසිය බවයි. ඒ පිලිබඳවද උපදේශාත්මක දැන්වීම් පොලීසිය තුළ අලවා ඇත .
සමාජය සංකීර්ණ වීමත් සමඟ මාර්ග සංවර්ධනය නිසි ලෙස සිදු නොවීමත් මෙසේ අනතුරු වැඩිවීමට හේතුවන බව කිවහැකි නමුත් මාර්ග නීති කඩකිරීම් සහ වෙනත් මිනිස් දුබලතා නිසාද මෙම අනතුරු සිදුවීම කෙරෙහි බලපෑමක් සිදු කරයි. ඒනිසා ප්‍රවේසම් සහිතවීම වැදගත් සහ මේ සඳහා දෙන ප්‍රධාන උපදේශය බව පොලීසිය සඳහන් කරයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article