spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටවල් රැසකින් හමුවු කොරෝනා ආසාදිතයන් මෑතකදි ඉතාලියේ සංචාරය කළ අය බව හෙළිවේ !

Must read

Persone con mascherine per proteggersi dal Coronavirus in piazza affari davanti all'ingresso della Borsa a Milano, 24 gennaio 2020.ANSA/Mourad Balti Touati

කොරෝනා වෛරසය නෙදර්ලන්තය,නයිජිරියාව,සහ ලිතුවේනියා යන රටවල් වලට අද වන පැතිර ගොස් තිබේ. මේ හැම රටකින් එක රෝගියෙකු බැගින් හමුවි ඇති අතර ඒ සියලු දෙනාටම අදාල පොදුකරුණ වි තිබුනේ කොරෝනා වෛරසය මේ වන විට වේගයෙන් පැතිර යන ඉතාලිය හා තිබි ඇති සම්බන්ධතාවයයි.
නෙදර්ලන්ත බලධාරින් පවසන්නේ එරටදි අද හදුනාගෙන ඇති රෝගියා මැතකදි උතුරු දිග ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ සංචාරය කර පැමිණ ඇති අයෙකු බවය.
නයිජිරියානු සෞඛ්‍ය බලධාරින් පවසා තිබුනේ එරටේ පළමු රෝගියා ඉතාලියේ සිට පැමිණ ඇති අයෙකු බවයි.
ලිතුවේනියාවේ බලධාරින් කියා සිටින්නේ එරටින් හමුව පළමු රෝගියා මෑතකදි ඉතාලියේ වෙරෝනා නුවර සංවාරය කර ඇති අයෙකු බවයි.මේ අතර ප්‍රංශයේ නීස් නගරයේ නගරාධිපතිවරයා කියා ඇත්තේ එහි පළමු රෝගියා මෑතකදි මිලනෝ නගරයේ සිට පැමිණ ඇති අයෙකු බවයි.

මෙයට අමතරව මේ ආකාරයෙන් ඉතාලිය මුල්කොට ගෙන රෝගය පැතිරිම ගැන වාර්තා වු අනික් රටවල් අතර ඊශ්‍රායලය,ඩෙන්මාර්ක්,රුමේනියා,බ්‍රිතාන්‍යය,ස්පාඤඤය ජර්මනිය,පින්ලන්තය,බ්‍රසිලය,ඇල්ජිරියාව,ස්විස්ටර්ලන්තය,කොරේසියා සහ ඔස්ට්‍රියාවද වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article