spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රශ්ණය පැති කණ්නාඩියක්ද ? විසඳුම ලකීගෙන්..

Must read

 

DSC_0211
ලක්ෂ්මන් රෝයි ප්‍රනාන්දු

කොළඹ  පාරේ AIR  PORT   GARDEN හෝටලය  අසළ  මීගමුවේ  සිට  යනවිට  වම්පැත්තේ  ඇති   පැති  කන්නාඩි  සහ  බුදුමැදුරු  (වීදුරු  වලින්  නිර්මාණය  කළ)   හදන   ස්ථානයකි.  එහි  අයිතිකරු  ලක්ෂ්මන්  හෙවත්  ලකීය,  ඔහුගේ  සාප්පුවත්  ලකීය, ඔහුගේ  ජීවිතයත්  ලකීය.  ඔහුට ඇත්තේ  විශේෂ  හැකියාවකි. ඒ  මිනිත්තු  5ක පමණ  කාලයකදී  ඕනෑම  වාහනයකට  අවශ්‍ය  පැති  කන්නාඩියක්  සකස්කර  දීමයි. මීට  අමතරව  බුදුමැදුරු  ආදී  නිර්මාණද  කරයි.  සාප්පුවේ  ඇති  වීදුරු  නිර්මාණ නිසා අවටද  ආලෝකමත්ව  පෙනෙයි. අපි  LUKEY   PICTURE   PALACE  නම්වු   කුඩා  සාප්පුවට  .ගොඩවුනේ  ලකී  සමඟ ඔහුගේ  මෙම  විශේෂ  රැකියාව පිළිබව   කථාබහ  කිරීමටය.  අප  එම ස්ථානයට  යනවිට  පැමිණි  වාහනයකට   පැති කන්නාඩියක්  සවිකළේ  මිනිත්තු  5කටත්  වඩා  අඩු  කාලයකිනි.  එම  කාර්්‍ය  නිමකළ  වහාම  ලකී  අප සමඟ  දොඩමළු වූයේ  මෙසේය.

ඔබේ  පවුලේ  විස්තර  කොහොමද?

මම  ලක්ෂ්මන්  රෝයි  ප්‍රනාන්දු ( අවුරුදු47)  බිරිද  නයනා  උදේනි (අවුරුදු  32)  දරුවො 3 දෙනයි. මම ඉගෙනගත්තෙ  පුත්තලමෙ.  4 පන්තියට  විතරයි  ගියෙ.  අර්ථික  අපහසුතා  ගොඩක්  තිබුන  නිසා   අම්ම  රට  ගියා.  මම මාම කෙනෙක්  ලඟ   තමයි  හැදුනෙ.  එයා  අපෙන්   වැඩගත්ත  මිසක්  ස්කෝලෙ  යවන්න  වුවමනාවක්  තිබුනෙ නෑ .ඒනිසා  මාමගෙ   කොප්පරා  මඩුවෙ  වැඩවලටයි,  කුඹුරු  වැඩවලටයි   ජීවිතේ  ‍කාලයක්  ගෙවිල  ගියා. ඊට පස්සෙ  අවුරුදු  10 දි  වගේ  කොළඹට   ඇවිත්  තේ   ෆැක්ටරිවල  වැඩ කළා.DSC_0220

ඊට  පස්සෙ  මොකද  වුනේ.  කොහොමද   මේ  ශිල්පය  ඉගෙන  ගත්තේ?

පස්සෙ  ස්ටුඩියෝ   එකක් පටන් ගත්ත.  වෙඩින්ස්   එහෙමත්  කළා. වෙනත්  ස්ටුඩියෝ  වලින්  පොටෝ   රාමු කර ගත්තෙ. ඒ වැඩතුළ   අත  හුරුකර  ගත්ත  මේ  වැඩවලට.  නමුත්   ඒකෙන්   ගොඩ එන්න  බැරිවුනා.  කොහොමහරි  අවුරුදු  6ක්  විතර  ගියාට  පස්සෙ  ඒක  නතර කරල  මේ වැඩේට  බැස්ස. සයිඩ්  කන්නාඩි  වලට  අමතරව  බුදුමැදුරු  හැදුව. හැබැයි    මේ  වෙනුවෙන්ම  කියල  ඉගෙනගත්තෙ  නෑ.   කන්නාඩි  කැපීම,  සවිකිරීම   ආදිය  පොටෝ  රාමු  කිරීම  කරන  නිසා  සහ වෙනත්  අය  වැඩ  කරන    දිහා  බලා‍ගෙන   ඉදල  තමයි   ඉගෙන  ගත්තෙ.

ඇයි මේ  වෘත්තියම  තෝර  ගත්තෙ?

වැඩිදෙනෙක්  තෝරගන්නෙ  තව  කවුරුහරි   කරන දෙයක්.  මම තෝර  ගත්තෙ  කවුරුවත්  නොකරන  දෙයක්.  අනික  අහකදාන   වීදුරු  කෑලි  වලින්   තමයි  මේ  වැඩේ  කරන්නෙ.  කුණු බක්කියට  දාන   මේ  දේවල්  වලින්  නිර්මාණ   කිරීම  තුලින්  හිතට  සතුටකුත්  ලැබෙනව. මිනිස්සු   අනික්   කෙනෙක්  කරනදේම  කරන්න  ගිහිල්ල සියළු  දේම  නැතිකරගන්නව.  හැමවෙලාවෙම   තර‍ඟයට   තමයි  වැඩකරන්නෙ. ඒනිසා  මං  කරන  මේ වැඩේ  තුළින්  සතුටින්   ජීවිතේ  ගෙවනව.

????????????????????????????????????

කොහොමද  වියදම්  හොයාගන්නෙ. ලැබෙන  ආදායම එහෙම….

කන්නාඩි  වර්ග  කිහිපයක්  තියෙනව.  සයිඩ්  කන්නාඩි  සීට්  එකක්  රු.4800/විතර  වෙනව. බුදු මැදුරු හදන  සීට්  එකක්  රු.  2700/ක්  විතර වෙනව. ලැබෙන  ආදායම  නම්  නිශ්චිත  නෑ.  සමහර  දවස්වල   කව්රුත්  නැති  අවස්ථා  තියෙනව.   අයකිරීම්  මෝටර් බයිසිකල්  වලට  වෙනමත්  කාර්  වගේ  ඒවට  වෙනමත්  තමයි  අයකරන්නෙ. මෝටර් බයිසිකල්  වලට  කන්නාඩි  හයිකරන කොට    ඉන්දියන්
රු. 300 , මැලේෂියන්  නම්  රු. 650යි,  තායිවාන්  550,  වෙන  වාහන  නම්  ඉන්දියන්  650,  තායිවාන් 950,  මැලේෂියන්  1250/  කඩේ  මේව  ගන්න  කාර් වගේ  වාහනනම්  20000 , 30000/ වැයවෙනව.  කොහොම උනත්   සාමාන්‍යයෙන්  දවසකට  2000/  විතර  ලැබෙනව.  රු. 4000/  5000  ලැබෙන  වෙලාවල්  තියෙනව.  ඕක තමයි  තත්වෙ.

අනාගත  අරමුණු   සහ  ගැටළු   මොනවද?

තියෙන  ආර්ථික  අමාරුකම්   විසඳගෙන   මේ  ව්‍යාපාරෙ  දියුණු  කරගන්න  එකයි  බලාපොරොත්තුව.  ගැටළු  කියන්නෙ  ඉතින්  මම  කළින්   වැඩ කරපු  තැන   ලොකු  කුලියක්   දුන්නෙනෑ.   දැන්  මේ  කාමර කෑල්ලට  රු. 11500 /   විතර  ගෙවනව.   ඒක  තමයි  තියෙන  ප්‍රධාන  ගැටළුව.ප්‍රාග්ධනයක්  නැතිකමත්  එක  ප්‍රශ්ණයක්. වෙන  ගැටළු  නෑ. මොකද  මට  තරඟයක්  නෑනෙ.

ඔහු  කියනදේ  වීදුරුවක්  මෙන්  පැහැදිළිය.  පුත්තලම   වැනි  දුෂ්කර පළාතකින්  කටුක  බව  අත්දැක  පාඩම්  ඉගෙන  ගත් ඔහු  දෙමව්පිය   රැකවරණය   කුඩාකළසිට  නොලැබුවද  ආදරබර   සැමියෙකු  සහ  පියෙකු  විය. සිනාසී  ජීවිතයට  මුහුණදුන්  ඔහු  තවමත්   සිනාසෙයි. ඒකදුළු  සගවා ගෙනදැයි  අපි නොදනිමු.  අකුරු කරනට  4පන්තියට   පමණක්  ගියද   මෙතෙක්  ආ  ගමන්මග තුළ  ඔහු  ගොඩනඟාගත්   හැකියාව  සහ දක්ෂතාවය  විශේෂිත විය.  ඔහුගේ  ව්‍යාපාරය  තුළ  ගසාකෑමක්  නැත.  පැති කන්නාඩියක්  කඩෙන්  ගන්නා විට  ඔබට  වැයවන  විසල්  මුදල  ඉතිරි  කරගැනුමට  මේ  මගින්  හැකිවෙයි. මෙතෙක්  ආ  මග කටුක වුවද  ඒ ගමන්  මගෙහි  මානව  ගුනාංග රැසක්  ඔහු  සතු කරගෙන ඇත. ආත්මාර්ථකාමී  කපටි  මිනිසුන්  වැඩි   මෙවන්  සමාජයක   අවංකව  හා ධෙර්්‍යවන්තව සිය   වෘත්තියේ    නියලෙන ඔහුට   අපි ජයෙන්  ජයම  වේවායි  පතන්නෙමු.
TEL .NO. -0711086251

ලිපිනය- අංක -605,  ලියනගේ මුල්ල.  සීදූව.

????????????????????????????????????

????????????????????????????????????


සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article